Colombo Today Local News

රෝහල්වල ඖෂධ සියයට සියයක් සුරක්ෂිත නැහැ – හිටපු සෞඛ්‍ය ඇමති චන්න ජයසුමන කියයි

රෝහල්වල පාවිච්චි කරන ඖෂධ සියයට සියයක් සුරක්ෂිත නැති බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

හැම ඖෂධයකින්ම සියයට 00.1 ක හෝ අතුරු ප්‍රතිඵල පැමිණීමේ හැකියාව තිබෙන බව ඔහු සඳහන් කරයි.

ඖෂධ හේතුවෙන් ආසාත්මිකතා දිනකට සැලකිය යුතු සංඛ්‍යාවක් වාර්තා වන බව පැවසූ ජයසුමන මහතා නිර්වින්දන ක්‍රියාදාමය නිසාද සංකූලතා ඇතිවිය හැකි බව ද පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය සැලකිය යුතු ඖෂධ ප්‍රමාණයක් නැවත කැඳවා ඇති බවත් ඖෂධ වල ප්‍රශ්නයක් ඇතැයි ඉන් පැහැදිලි වන බවත් ඔහු කීය.

ඒ ඖෂධ වලින් වැඩි ප්‍රමාණයක් හදිසි මිලදී ගැනීම් යටතේ ගෙන ආ ඒවා බව මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් ඖෂධ විද්‍යාත්මක විගණනයක් කළයුතු බව ඔහු පෙන්වා දෙයි.

Related posts

“නීතියේ ආධිපත්‍ය උඩ අගමැති රනිල් ‘තට්ටම‘ තියලා“ – වාසු

colombotoday

ලංකාවට යැව්වොත් අත්අඩංගුවට ගනිවී, රඳවා තබා ගනිවී, වධ හිංසාවලට මුහුණ දීමට සිදු වේවි. – නවසීලන්ත ප්‍රහාරකයා අධිකරණයට කියලා.

colombotoday

“ෆොන්සේකාට ඇමැතිකමක් දීමේ අර්බුදය අගමැති මැදිහත් වී විසඳනවා”

colombotoday

‘අතකස’ සංවත්සර සභාවේ ජනපති කවි කියයි

colombotoday

උ/නැගෙනහිර එක්කරනු.. ෆෙඩරල් දෙනු – විග්නේෂ්වරන් පරණ තැටියම වයයි

colombotoday

මීටරේ නැතිව 20වනදා පටන් කුලී ගමන් තහනම්

colombotoday