Colombo Today Local News

බේබදු පියා තුන් හැවිරිදි දරුවාව උණු වතුර දමා පුච්චලා

තලවකැලේ, ලිඳුල ප්‍රදේශයේ වතුයාය පියෙකු සිය තුන් හැවිරිදි පිරිමි දරුවෙකුගේ ශරීරයට උණු වතුර දමා දරුණු ලෙස පුළුස්සා බරපතල තුවාල සිදු කොට ඇතැයි ලිඳුල පොලීසිය පවසයි.

මේ පිළිබඳව පැමිණිල්ලක් අද (25)දින පොලිසියට ලැබී ඇති බවත්, එම සිදුවීමෙන් බරපතල තුවාල ලැබු එම දරුවා ප්‍රතිකාර සඳහා ලිඳුල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කොට ඇතැයි පොලීසිය කියයි.

ඊයේ (24) සවස් කාලයේදී කුඩා දරුවා මෙම සිද්ධියට මුහුණ පා ඇති අතර, බීමතින් පැමිණි පියා දරුවාට අමානුෂික ලෙස පහරදී පසුව ශරීරයට උණු වතුර දමා පුළුස්සා ඇතැයි පොලීසිය සිදු කරන ලද මුලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

සිදුවීමට සම්බන්ධ එම දරුවාගේ පියා මේ වනවිට නුවරඑළිය ප්‍රදේශයට පලා ගොස් ඇති බවත්, ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ලිඳුල පොලීසිය පවසයි.

මෙම දරුවාගේ පිට ප්‍රදේශයේ විශාල කොටසක් උණු වතුර දැමීම හේතුවෙන් දරුණු ලෙස පිළිස්සුම් තුවාල ලබා ඇති බවත්, මුලික ප්‍රතිකාර සිදු කිරීමෙන් අනතුරුව විශේෂඥ වෛද්‍යවරයෙකු යටතේ වැඩිදුර ප්‍රතිකාර කටයුතු සඳහා නුවරඑළිය මහ රෝහල වෙත මාරු කොට යැවීමට පියවර ගන්නා බවත් ලිඳුල ප්‍රාදේශීය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ඒ. ජෙයරාජන් මහතා සඳහන් කරයි.

Related posts

මැතිවරණ පනත හරියට ක්‍රියාත්මක කළොත් ජවිපෙට මන්ත්‍රී ධුර 300ක් අහිමිවෙයි…

colombotoday

උතුරේ විපතට පත්වූවන්ට කඩිනමින් වන්දි ගෙවීමට අගමැතිගෙන් උපදෙස්

colombotoday

යාපනය ඩෙල්ෆ් දූපත ආසන්නයේ ධීවර කටයුතු කළ ඉන්දීය ධීවරයින් 9ක් අත්අඩංගුවේ

Admin

රාජ්‍ය නියෝජ්‍ය ඇමතිලාත් දිවුරුම් දෙති… විජයකලාටත් රාජ්‍ය ඇමතිකමක්…

colombotoday

දකුණු වෙරළේ ඉන්න සීල් මත්ස්‍යා ආසන්නයට යන්න එපා – වනජීවී දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි

colombotoday

ඉන්දියාවෙන් තෙල් නැවක් අද එනවා – අගමැති

colombotoday