Colombo Today Local News

HIV ආසාදිත කතුන් සිටි ගණිකා නිවස නැවතත් වැඩ පටන් අරන්

wallawattha-hivඑච්.අයි.වී. ආසාදිතයන් රැඳී සිටියදී ‍පොලීසියට හසු වූ වැල්ලවත්තේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය ගණිකා නිවාසය නැවත වැඩ පටන්ගෙන ඇතැයි ප්‍රදේශවාසීන් ‍පොලීසියට දැනුම් දුන්නද මතෛක් ඊට එරෙහිව පියවර ගෙන නැත.

වැල්ලවත්ත ‍පොලීසිය මෙයට මාස කිහිපයකට පෙර ප්‍රදේශවාසීන්ගේම තොරතුරු මත එම ස්ථානය වටලා සම්බාහනකරුවන් ලෙස සිටි විදේශීය ගණිකාවන් රැසක් අත්අඩංගුවට ගත්තේය.

එසේ අත්අඩංගුවට ගත් කාන්තාවන් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කළවිට තායි කාන්තාවන් දෙදෙනකු එච්.එයි.වී. ආසාදිතයන් බව අනාවරණය වී තිබුණි. නැවත එම ස්ථානය විවෘත කර ඇත්තේ දේශපාලනඥයකුගේ අනුග්‍රහය ඇතිව බව ප්‍රදේශවාසීහු සඳහන් කරති. එම සම්බාහන මධ්‍යස්ථානය ආසන්නයේ විහාරස්ථානයක්ද පිහිටා තිබේ.

Related posts

චීනයෙන් ඩොලර් බිලියක ණයක් ඉල්ලයි

colombotoday

පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වරට ඇතුළු වන සියලූ දොරටු හැරදමා මැතිසබය රැස්වෙයි

colombotoday

ජනතා විමුක්ති පෙරමුණේ සහය හිටපු අගමැති රනිල්ට

colombotoday

ලොක්කෝ කොමිස් ගහලා, තාර ආනයනය පුද්ගලික අංශයට ලබා දීමෙන් තෙල් සංස්ථාවට කෝටි 240ක් පාඩුයි.

colombotoday

වඳ දොස්තර සාෆිගේ ගිණුමට මුදල් ආව හැටි මෙන්න

colombotoday

වැලිකඩ සිද්ධියෙන් මියගිය රැදවියන්ට ලක්ෂ 200ක් වන්දි !

colombotoday