Colombo Today Local News

සංහිදියාව තහවුරුයි.. ඇවිත් වෙනස බලන්න.. විදේශ ඇමතිගෙන් ජාත්‍යන්තර දෙමළ සංවිධානවලට ඇරයුම් !

mongala-123රටතුළ සංහිදියාව උපරිමයෙන් තහවුරු කර අතිබවත්, උතුරු නැගෙනහිර ප්‍රදේශවල සංචාරය කර තව දුරටත් වර්ධනය විය යුතු තැන් පිළිබදව යෝජනා ඉදිරිපත් කරන ලෙසත් ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මංගල සමරවීර දෙමළ ජාත්‍යන්තර සංවිධානවලට ඇරයුම් කර තිබෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැලේසියා සංචාරයට එරෙහිව එහි සිටින කොටි හිතවාදී දෙමළ ඩයස්පොරා සංවිධාන විසින් පැවැත්වූ විරෝධතා පිළිබදව අදහස් දක්වමිනුයි විදේශ ඇමතිවරයා මේ බව සදහන් කර ඇත්තේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන රැදි සිටින ක්වාලාම්පූර් අගනුවර පිහිටි ඉන්ටකොන්ටිනල් හෝටලය ඉදිරිපිට මැලේසියානු දෙමළ කණ්ඩායමක් විරෝධතා පැවැත්වූ බවත් විරෝධතා පවත්වන අයට ලංකාවේ වත්මන් තත්වය අවබෝධ කර ගෙන විරෝධතා දක්වන්න යැයි තමන් ඉල්ලීමක් කරන බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කර ඇත.

රජය සංහිදියාව ගෙන ඇති පියවර සම්බන්ධයෙන් දෙමළ ඩයස්පෝරාව පවා අගය කරන බව මංගල සමරවීර වැඩිදුරටත් පවසා ඇති අතර, පාරක් පාරක් ගානේ විරෝධතා නොකර ලංකාවට පැමිණ ඒ වෙනස සියැසින්ම දැක ගන්නා ලෙසට විරෝධතාකරුවන්ගෙන් ඉල්ලීමක් කරන බවත් , යහපාලන රජය විසින් රට තුළ සංහිදියාව වෙනුවෙන් ඉදිරිපත් කල වැඩපිළිවෙල ඉතා ශක්තිමත් ලෙස පවතින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

උතුර -නැගෙනහිර යන පළාත් තුළ සංචාරය කොට , තවදුරටත් වර්ධනය විය යුතු , තැන් ඇත්නම් ඒ සදහා යෝජනා ඉදිරිපත් කරන ලෙසට අමාත්‍යවරයා දෙමළ ඩයස්පොරා සංවිධානවලින් ඉල්ලා සිටී.

Related posts

පාස්කු පරීක්ෂණ පිළිබඳව නීතිපතිගෙන් පොලිස්පතිට ලිපියක්‌

colombotoday

පාස්කු බෝම්බකරුවන් භාවිතා කළ දුරකතන වාර්තා එෆ්බීඅයි ආයතනය සීඅයිඩීයට බාරදෙයි

colombotoday

ප්‍රධාන දුම්රිය මාර්ගයේ වර්ණ සංඥා කේබල් සොරකම් කළ දෙදෙනෙකු කොටු

colombotoday

අද සිට භාණ්ඩ වර්ග 10ක ආනයන සීමා ලිහිල් කෙරේ

Admin

බෙදුම්වාදීන් ඉල්ලන, රනිල්-චන්ද්‍රිකාලා බලාත්මක කරන්න ගිය 13 න් බලය බෙදීමෙන් රටට වෙන අගතිය ජනපති යුරෝපා ලොක්කන්ට කියා දෙයි !

colombotoday

සිංහලේ ගැන හොයන්න ජනපති කමිටුවක් දමයි

colombotoday