Colombo Today Local News

දෑස් නොපෙනෙන ව්‍යාපාරිකයා ඇද දමා නිවස අත්පත් කර ගැනීමට උත්සහා දැරූ උප නගරාධිපති ෆුර්කාන් හාජ්ජියාර් අල්ලන්න හොයයි

ඇමැතිවරයකුගේ නම භාවිත කරමින් මැණික් ව්‍යාපාරිකයකුගේ නිවසක් බලෙන් අත්පත් කර ගැනීමට ගිය බව කියන ගම්පොල උප නගරාධිපති ෆුර්කාන් හාජ්ජියාර් අත්අඩංගුවට ගැනීමට දෙහිවල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

දෙහිවල කවුඩාන අත්තිඩිය ප්‍රදේශයේ පිහිටි රුපියල් කෝටි 25ක් පමණ වටිනා මෙම නිවසේ එම මැණික් ව්‍යාපාරිකයා සහ ඔහුගේ බිරිඳ ජීවත් වෙයි. ව්‍යාපාරිකයාගේ දෑස් නොපෙනෙන බැවින් ඔහු සහායකයකු මාර්ගයෙන් එදිනෙදා කටයුතු කරගෙන ජීවත් වෙයි. ඔහුගෙන් වෙන්ව සිටින බිරිඳ ජීවත්වන්නේ මෙම නිවසෙහි උඩු මහලෙහිය.

මේ අතර පසුගියදා වාහන කිහිපයකින් පැමිණි විස්සකට අධික පිරිසක් නිවෙස් හිමියා එළියට ඇද දමා මෙම නිවස අත්පත් කිරීමට උත්සාහ දරා ඇතැයි ව්‍යාපාරිකයා විසින් දෙහිවල පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලේ දැක්වෙයි.

එම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනාවට ලක්වන්නේ ඉහත කී උප නගරාධිපතිවරයාය. මීට පෙරද විවිධ චෝදනා එල්ල වී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධව ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්නගෙන් විමසූ අවස්ථාවේ දී ඔහු ප්‍රකාශ කළේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට දෙහිවල පොලිසියට නියෝග ලබා දී ඇති බවකි.

Related posts

පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද

Admin

සජිත් ගේ නායකත්වයෙන් නව සන්ධානයකට විපක්ෂයේ සියලු පක්ෂ එකඟ වෙයි

Admin

පාස්කු ප‍්‍රහාරයට සැකපිට බදුර්දින්ගේ නීතිඥ්ඥයා හිජාස් හිස්බුල්ලාත් අත්අඩංගුවට

colombotoday

රන්ජන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට

colombotoday

බ්‍රිතාන්‍යයේ – ඕස්ට්‍රේලියාවේ සිටින සිසුන් ලංකාවට ගෙන්වා ගැනීමට යයි

colombotoday

ක්‍රිඩා ඇමැතිගෙන් CIDයට පැමිණිල්ලක්

Admin