Colombo Today Local News

බ්‍රිතාන්‍යයේ – ඕස්ට්‍රේලියාවේ සිටින සිසුන් ලංකාවට ගෙන්වා ගැනීමට යයි

ලොව පුරා පැතිර ගොස් තිබෙන කොරෝනා තත්වය නිසා බ්‍රිතාන්‍යයේ සහ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව අතරමං වී සිටින ශ්‍රී ලාංකික සිසුන් යළි මෙරටට රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය විශේෂ ගුවන් ගමන් වාර  04 ක් සංවිධානය කර තිබේ.

මෙම ගුවන් ගමන් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය , එම රටවල ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ එම රටවල සහ ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා අධිකාරි මැදිහත් වීමෙන් සැළසුම් කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලන්කන් ගුවන් සේවය ගුවන් ගමන් වාර 03 ක් මෙම මැයි මස 03, 04 සහ 05 යන දිනවල බ්‍රිතාන්‍යයේ, ලන්ඩන් නුවර  , හීත්‍රෝ ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබේ.

ඒ අනුව එම ගුවන් යානා එම දිනවල උදෑසන 9.30 ට හීත්‍රෝ ගුවන් තොටුපළෙන් පිටත්වී , පසුදින මධ්‍යම රාත්‍රී 12.45 ට මෙම ගුවන් යානා  කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිතය  එසේම ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිටින ශ්‍රී ලාංකික සිසුන් රැගෙන මැයි මස 08 වැනි දින උදෑසන  8.15 ට එම ගුවන් තොටුපළෙන් පිටත් වන ශ්‍රී ලන්කන් ගුවන් යානය එදිනම දහවල් 2.30 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිතය . මෙම වැඩසටහන පිළිබඳව වැඩිදුර විස්තර දැන ගැනීම සදහා බ්‍රිතාන්‍යයේ සහ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය වලින් විමසීම් කරන ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවය දැනුම් දීමක් ද සිදු කර තිබේ.

Related posts

බොරැල්ලේ සිරිසුමන හිමි රිමාන්ඩ්

Admin

භාණ්ඩාගාරය දරුණු මුල්‍ය අර්බුදයක. සමෘද්ධි දීමනාවත් සති දෙකක් පමා වෙයි

Admin

පෞද්ගලික අංශයේ සේවක වැටුප ගැන යෝජනාවක්

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රීලාගේ ආරක්ෂාව වැඩි කරයි…

colombotoday

රාජ්‍ය ණය බර බිලියන 9500 ක් !

colombotoday

කෝටි 12 කට අධික කේරළ ගංජා සමඟ අයෙක් නාවික හමුදා භාරයට

colombotoday