Colombo Today Local News

කෝටි 12 කට අධික කේරළ ගංජා සමඟ අයෙක් නාවික හමුදා භාරයට

රුපියල් කෝටි 12 කට අධික වටිනාකමින් යුතු කේරළ ගංජා කිලෝ 492 ක් සමගින් සැකකරුවෙකු සහ ඩිංගි යාත්‍රාවක් යාපනය සවුක්කාඩු මුහුදු ප්‍රදේශයේදී අද (04) අලුයම් කාලයෙදී නාවික හමුදා භාරයට ගෙන තිබේ.

උතුරු නාවික විධානයේ නිලධාරීන් පිරිසක් විසින් සවුක්කාඩු මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරික්ෂාවට ලක් කිරීමේදී එහි ගෝනි 15 ක් තුළ අසුරා තිබූ පාර්සල් 225 ක මෙම කේරළ ගංජා තොගය සමඟ සැකකරු භාරයට ගෙන ඇත.

කේරල ගංජා තොගය මුහුදු මාර්ගයෙන් ඉන්දියාවේ සිට යාපනයට රැගෙන එමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇතැයිද නාවික හමුදාව පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු වියෙහි පසුවන වන යාපනය ගුරුනගර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Related posts

නැව්වලින් එන මගීන්ට රටට ඇතුළුවීමේ තහනමක්

colombotoday

රාජිතගේ පුතා මගේ දුව පැහැරගෙන ගියා – පියා පැමිණිලි කරයි

colombotoday

හදිස්සියේ කටුනායකට ගොඩබැස්සවූ යානයේ සිටි මගීන් දෙදෙනෙක් මරුට

colombotoday

ලෝක උරුම සිංහරාජය වනසා පාරක් හදයි…

colombotoday

ජනප්‍රිය නිරූපිකාව විකුණා කුඩු ගැසු සැමියා පොලිසියට කොටු වෙයි

colombotoday

පාර්ලිමේන්තුවට මිරිස්කුඩු ගැසීමේ වරද කුමක්ද? මිරිස්කුඩු තහනම් භාණ්ඩයක්ද?- ප්‍රසන්න රණවීර අසයි

colombotoday