Colombo Today Local News

පාර්ලිමේන්තු මන්ත්‍රීලාගේ ආරක්ෂාව වැඩි කරයි…

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව වැඩිකිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබෙනවා.

පොලිසිය පැවසුවේ, මන්ත්‍රීවරයෙකුට ආරක්ෂාව සඳහා නිලධාරීන් සිව්දෙනෙකු අනුයුක්ත කිරීමට සැළසුම් කර ඇති බවයි.

මෙතෙක් ඒ සඳහා අවසන් අනුමැතිය හිමිව නොමැති බවද සඳහන්.

මේවන විට මන්ත්‍රීවරයෙකුගේ ආරක්ෂාව සඳහා නිලධාරීන් දෙදෙනෙකු යොදවා තිබෙනවා.

මේ අතර හිටපු ආණ්ඩුකාරවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් නිලධාරීන් ඉවත්කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, තානාපතිවරුන් සහ අධිකරණ විනිසුරුවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මේවන විට යොදවා ඇති පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 1500 ඉක්මවන බවද සඳහන්.

Related posts

අත්‍යවශ්‍ය සේවා වෙනුවෙන් විශේෂ ඉන්ධන කෝටාවක්

colombotoday

Online ඔස්සේ ‍යළි මේ දේවල් කළොත් වැඩ වරදී…

Admin

දේශීය කාබනික කෘමිනාශක නිපදවීමට මිලියන 35000ක්

colombotoday

ජනවාරි සිට ගෑස් මිල යළි ඉහළට

Admin

‘‘දේවගැති ජෙරොම් ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගන්න එපා‘‘

Admin

පළමු වසරට දරුවන් භාරගැනීම අද

Admin