Covid 19

කොවිඩ් 19 ආසාදිත රෝගීන් සුව වීමේ ධාරිතාව ඉහළ මට්ටමක.

මේ වන විට කොවිඩ් 19 ආසාදිත රෝගීන් සුව වීමේ ධාරිතාව ඉහළ මට්ටමක තිබෙන අතර ආසාදිතයින්ගෙන් 68%ක් 70%ක් පමණ සුවය ලබා තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් ඇගයීමක් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

අද(19) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අළුත්ගේ මහතා මේ බව කියාසිටියේය.

මෙරට සෞඛ්‍ය සේවාවේ ධාරිතාවයේ සීමා සහිත බව පිළිබඳව ආරම්භයේ සිටම යම් සැකයක් පැවතුණද මේ වන විට ලෝකයේ දියුණු රටවල් හා සංසන්දනය කරන විට එය කළමනාකරණය කරගෙන ඇති බවයි අලුත්ගේ මහතා සඳහන් කළේ.

ඒ අනුව මේ වන විට 12,000ට වැඩි ප්‍රමාණයක් සුවය ලබා නිවසට යවා තිබෙනවා.

ඒ වගේම තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව සෞඛ්‍ය කළමනාකරණය වගේම ආර්ථික සවිබල ගැන්වීමත් ලංකාව තුළ සිදුවෙනවා.

මෙතැනදී කොළඹ ජනතාවට ජාතික වගකීමක් තිබෙනවා සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරන්න.

වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා දුරකථන අංක දී තිබෙනවා.ගිලන්රථ සේවා ලබා දී තිබෙනවා.

කොළඹ අවදානම ගැන අවබෝධයෙන් කටයුතු කරන්න වෙනවා.

මේ වන විට අවදානම බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ මහ නගර සීමා බලප්‍රදේශයට කේන්ද්‍ර වෙලා තියෙනවා.

ඒ නිසා මේ තත්ත්වය සෙසු දිස්ත්‍රික්ක සහ පළාත් වලට නොයන්න කලමනාකරණය කරගන්න අවශ්‍යයි.

ඒකෙන් කියන්නේ නැහැ අනෙක් ප්‍රදේශවල අවදානම නැහැ කියන එක.

නමුත් අද ගන්න තීරණ අනුව තමයි මේ අවදානම සෙසු ප්‍රදේශවලට නොයන්න කටයුතු කළ හැකිවන්නේ.

මේ වනවිට නීතිය ලෙස ක්‍රියාත්මක වන්නේ නිරෝධායන පනත. එයට අවනත වෙන්නේ නැත්නම් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ.

මේ වෙද්දී කොළඹ මහ නගර බල සිමාවේ හුදෙකලා කර තිබෙන ප්‍රදේශවල සංචරණ සිමා තවදුරටත් පනවන්න අවශ්‍යද කියන දේ ගැන නිවැරදිව තීරණය කරන්න අවශ්‍යයි බලධාරීන්. නගරාධිපතිතුමියත් ඒ ගැන අවදානය යොමුකරලා තිබුණා.

මොකද මේ අවදානම් සහිත ප්‍රදේශ දක්ෂ ලෙස කළමනාකරණය කරගන්න වෙනවා.

රැපිඩ් අන්ටිජන් ටෙස්ට් එක දැන් ක්‍රියාත්මක වෙනවා.

නමුත් මෙය PCR පරීක්ෂණ සඳහා ආදේශකයක් නොවෙයි. මාර්ගෝපදේශවලත් සඳහන් වෙනවා සමගාමීව මේ පරීක්ෂණ යන්න ඕනේ කියන දේ.

බන්ධනාගාර,නිවාස සංකීර්ණ, රැඳවුම් මධ්‍යස්ථාන ආශ්‍රිතව මේ රැපිඩ් අන්ටිජන් පරීක්ෂාව සිදුකළ හැකියි.

රැපිඩ් අන්ටිජන් ටෙස්ට් එකෙන් කොරෝනා පොසිටිව් වෙන්න නම් වෛරස සාන්ද්‍රණය වැඩියෙන් තියෙන්නේ ඕනේ. ඒ නිසා මේක අහඹු පරීක්ෂණ ක්‍රමවේදයක් ලෙස භාවිතා කර යම් පිරිසක් අතරින් කිහිපදෙනෙකුට පොසිටිව් වුණොත් සෙසු අයට සෘජුවම PCR පරීක්ෂණ කරන්න පුළුවන්.

ගම්පහ දිස්ත්‍රික්කයේ අවදානම දැන් අඩුවෙමින් තිබෙනවා. නමුත් එය නොසලකා කටයුතු කරන්න බැහැ.

මෙතනදී PCR ධාරිතාව ඒකාකාරිව පවත්වාගෙන යාම වැදගත්.

දිස්ත්‍රික්ක මට්ටමින් අහඹු පරීක්ෂණවල තත්ත්වය ගැන තොරතුරු අපි දැනගත යුතු වෙනවා.

වැඩිවශයෙන් අහඹු පරීක්ෂණ සිදුකිරීම වැදගත් රෝගී අවදානම් ප්‍රදේශ හඳුනාගැනීමට.

Related posts

තවත් කොවිඩ් මරණ 17ක්

colombotoday

‌තවත් ‌ඩෙල්ටා ආසාදිතයින් 19ක් හදුනාගනී

colombotoday

තායිලන්තයේ දිනක් තුළ කොරෝනා රෝගීන් 188ක්

colombotoday

හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ අහඹු පරීක්ෂණවලින් කොවිඩ් රෝගීන් 106ක් හදුනා ගනී.

colombotoday

අටුළුගම ආසාදිතයාගේ පියාත්-සහෝදරියත් රෝහලට. දින 6 ක් අටුලුගම ප්‍රදේශය පුරා සැරි සරලා

colombotoday

පල්ලියෙන් නෑ කිවුවට “කොරොනා ආසාදිතයෙක් රතු පල්ලියේ දේව මෙහෙයට සහභාගී වෙලා” – ආරක්ෂක ලේකම් තහවුරු කරයි

colombotoday