Covid 19World

තායිලන්තයේ දිනක් තුළ කොරෝනා රෝගීන් 188ක්

තායිලන්තය නිවේදනය කළේ ගෙවීගිය පැය 24ක කාලය තුළ නව රෝගීන් 188ක් වාර්තා වී ඇති බවත්, එය දිනක් තුළ එරට වාර්තා වූ වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් පිරිස බවත්ය.

ඒ අනුව රට පුරා ඇති මුළු ආසාදිතයන් පිරිස 599ක් බව දැන් තහවුරු වී ඇත.

කොරෝනා වෛරසය වැළඳුණු රෝගීන් හත් දෙනෙකු මේ වනවිට අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවද සෞඛ්‍ය අංශ පවසයි.

සාප්පු සංකීර්ණ සහ විනෝද උද්‍යාන වසා දැමීම ඇතුළු නව ක්‍රියාමාර්ග සෙනසුරාදා මහජන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කර ඇති අතර, ආපනශාලාවල ආහාර ගැනීමට අවසර නොමැති අතර, ඒවායින් ආහාර රැගෙන යාමට පමණක් අවසර ඇත. එමෙන්ම ඔසුසැල් සහ සුපිරි වෙළෙඳ සැල් මෙම නව කොන්දේසිවලින් බැහැර කර ඇත.

Related posts

තලවාකැලේට පැමිණි ලොරි හතරක රියදුරන් නිරෝධායනට

colombotoday

දික්වැල්ල යෝනකපුර නැගෙනහිර සහ බටහිර හුදකලා කරයි.

colombotoday

පරෙවියන් යට කර මැරු රියදුරා අත්අඩංගුවට

Admin

නවතම මාදිලියේ iPhone නිෂ්පාදන පෙළ එළිදකී…

Admin

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 102 දක්වා ඉහළට

colombotoday

නිවසේදීත් මුව ආවරණයන් පැලඳීම අනිවාර්ය කර ගන්න.. වෛරසය ආසාදනය වීමට ගතවන්නේ තත්පර 15යි

colombotoday