Colombo Today Local News

රාජ්‍යසේවා කොමිෂන් සභාවට දෙරණ ලොක්කා දිලිත් ජයවීර පත්කිරීම : පාර්ලිමේන්තුවේ කතාකිරීම කතානායක වලක්වයි

රාජ්‍යසේවා කොමිෂන් සභාව පත්කර යවා ඇති බවට නාම ලේකනයක් මාධ්‍යයවල දක්නට ලැබුණු බවත් එයට ව්‍යාපාරිකයෙකුගේ නමක් ද සඳහන්ව ඇති බවත් HIV ටෙස්ට් කිට් ගෙන්වීම සඳහා ටෙන්ඩරයක් ද මේ වන විට සලකා බලමින් තිබෙන බවත් එවැනි අවස්ථාවක මෙම පුද්ගලයා රාජ්‍යසේවා කොමිෂන් සභාවට පත්කිරීම මගින් රාජ්‍ය සේවකයන්ට බලපෑමක් සිද්ධ වන බවත් පවසමින් පාර්ලිමේන්තු මංත්‍රී මනුෂ නානායක්කාර මහතා අද (24) පාර්ලිමේන්තුවේදී සිදුකල කරුණු දැක්වීම කතානායක මහින්ද යාපා අඹේවර්ධන මහතා විසින් වලක්වනු ලැබුවා.

ඒ රාජ්‍යසේවා කොමිෂන් සභාව පිළිබඳව පාර්ලිමේන්තුවේ කරුණු දැක්වීමට නොහැකි බව පවසමින්.

මේ පිළිබඳව පාර්ලිමේන්තු මංත්‍රී එස්.එම් මරික්කාර් ද කරුණු දැක්වීමට උත්සහ කෙරූ අතර එයද කතානායකවරයා විසින් නවත්වන ලදි.

රාජ්‍යසේවා කොමිෂන් සභාව පත්කිරීමේ සම්පුර්ණ බලය ඇත්තේ ජනාධිපතිවරයාට බව මෙහිදී කතානායක මහින්ද යාපා අඹේවර්ධන මහතා අවධාරනය කර සිටියා.

Related posts

මම ගෙදර යන්නෙ නෑ. ගහලා ඉවර කරනවා – ජනපති සිරිසේන කියයි

colombotoday

විල්පත්තුවේ වන විනාශයක් නැහැ – බදුර්දින්ගේ ගෝලයා ගෙනආ යෝජනාව ඒකමතිකව සම්මත වේ

colombotoday

මම ඇලෝසියස්ගෙන් සල්ලි ගත්තෙ නෑ – ගම්මන්පිල දිවුරයි

colombotoday

“ස්වයංපාලනය දෙනු.. නැතිනම් උතුරේ අය ආයුධ අතට ගනී.. මරාගෙන මැරෙයි“ වික්‍රමබාහු

colombotoday

යාපනයේ රථවාහන රාජකාරි සඳහා නගරාධිපතිගේ සිකුරිටි ඒකකයක්? පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කෙරේ.

colombotoday

කිරිබත්ගොඩ ගොඩනැගිල්ලක ගින්නක්

colombotoday