Colombo Today Local News

මම ගෙදර යන්නෙ නෑ. ගහලා ඉවර කරනවා – ජනපති සිරිසේන කියයි

පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා තමන් අස් නොවෙන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය. අම්පාර එකට සිටිමු වැඩසටහන අමතමින් ඔහු මේ බව පැවැසීය.

“අපට පහර දුන්න ත්‍රස්තවාදීන් යුරෝපයේ රටවල් සියල්ලටම පහර දුන්නා. රුසියාවේ කළා ඇමෙරිකාවේ කළා කැනඩාවේ කළා ඔස්ට්‍රේලියාව, මැලේසියාව, ඉන්දුනීසියාව, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව සියල්ලෙහිම මෙම පිපිරීම් කළා.

ඒ පිපිරීම්වලින් පසුව ඒ රටවල් සාමකාමීව යථා තත්ත්වයට ඒ රටවල පාලකයෝ පත්කර ගත්තා. ඒ රටවල විනාශ කරන නොකට ඒ රටවල නායකයෝ කිසි කෙනෙක් ඒ රටේ නායකයාට කිව්වේ නෑ උඹ අස්වෙලා ගෙදර පලයන් කියලා.

ඒ රටේ නායකයින්ට ජනතාව කිව්වේ ගහලා ඉවර කරපන් කියලා. මේ ත්‍රස්තවාදී සිදුවීම නිසා මමත් පසු බාන්නේ නෑ. මම පස්සට යන්නේ නෑ. මම බයවෙන්නේ නෑ. මම ගෙදර යන්නෙත් නෑ. මම ගහලා ඉවර කරනවා මේ ත්‍රස්තවාදය.”

Related posts

වී මිල කිලෝවක් රු. 28යි – බුලත් විටක් රු.30 යි

colombotoday

සෝභිත හිමියන්ගේ ආදාහන පූජෝත්සවය සිදුවන බ්‍රහස්පතින්දා ජාතික ශෝක දිනයක්

colombotoday

නියෝමාල් රංගජීව ඡායාරූප ගනිමින් සිටි මාධ්‍යවේදියෙක් ඇදගෙන යයි

colombotoday

“සංචාරක ජෛව බුබුල” සංකල්පය යටතේ ප්‍රංශ නාවිකයෝ 420ක් මෙරටට

colombotoday

කිරලාගල දාගැබට නැග ඡායාරූප ගත් 8 දෙනා රිමාන්ඩ්…

colombotoday

ධනුෂ්කට ක්‍රිකට් ආයතනයෙන් විනය පරීක්‍ෂණයක්

Admin