Colombo Today Local News

පොලිස් නිලධාරියගේ දුක්ගැනවිල්ලට පොලිස්පතිගේ විසදුම

අඹන්පොළ පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරනු ලබන කාන්තා පොලිස් නිලධාරිනියකගේ දුක්ගැනවිල්ලකට කඩිනම් විසඳුමක් ලබාදීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කටයුතු කර තිබේ.

මෙම නිලධාරිනිය, කුඩා දරුවන් තිදෙනා හා ස්වාමිපුරුෂයා සමග මහව පොලිස් වසමේ පදිංචිව සිටින අතර, දෛනිකව රාජකාරි සඳහා අඹන්පොළ පොලිස් ස්ථානයට පැමිණෙන බව සදහන් වේ.

අදාළ නිලධාරිනියගේ ස්වාමි පුරුෂයා විසින් පොලිස්පතිවරයා වෙත දුරකථන කෙටි පණිවිඩයක් මගින් නිලධාරිනියට මුහුණදී ඇති අපහසුතා සඳහන් කරමින් දුක්ගැනවිල්ලක් යොමු කර තිබුණි.

මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් වහාම ක්‍රියාත්මක වෙමින් මෙම පොලිස් සැරියන්වරිය ට ඇය පදිංචි මහව පොලිස් වසම වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබාදී ඇත.

කෙසේ වෙතත්, නිලධාරීනියගේ දුක්ගැනවිල්ල සම්බන්ධයෙන් නිසි විසඳුම් ලබානොදීම පිළිබඳව අඹන්පොල ස්ථානාධිපති සහ අදාළ ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත පොලිස්පතිවරයා දොස් පවරා ඇති බවද පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

Related posts

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදය යථා තත්ත්වයට

Admin

කොවිඩ් ආසාදිතයන් ගණන 1209 දක්වා ඉහලට

colombotoday

ගෝඨා අත්අඩංගුවට ගැනීමට සූදානම්.. ඉහළින් නියෝගය ලැබෙන තුරු FCID සීරුවෙන් !!

colombotoday

නාවික හමුදාවේ දෙදෙනෙක් ගංජා සමග අත්අඩංගුවේ

colombotoday

කොරෝනා ආසාදිතයින් ගණන 1085 ක් දක්වා ඉහළට

colombotoday

“වෘත්තීයවේදීන්ට සහ සංවිධානවලට රජයේ ප්‍රධානීන් කරන තර්ජන හා බියවැද්දීම්වලට අපි විරුද්ධයි” – හෙළ උරුමය

colombotoday