Colombo Today Local News

සිංහල සහ දෙමළ භාෂා දෙකෙන්ම ලිපි යවනු – ඇමති වජිර අබේවර්ධනගෙන් සහ නිමල් ලංසාගෙන් නියෝග

wajira_lansa

සිංහල හා දෙමළ භාෂා දෙකෙන්ම ලිපි යැවීම අනිවාර්යෙන්ම සිදු කළ යුතු බවත්, ඒ සඳහා යම් බාධාවක් ඇත් නම් වහාම ඒ පිළිබඳව තමන්ට දැනුම් දෙන ලෙසත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සිය අමාත්‍යංශයේ නිළධාරීන්ට නියෝග කර සිටියේය.

අමාත්‍යාවරයා එබව දැනුම්දී සිටියේ, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ පැවති 2016 වර්ෂයේ ප්‍රථම දිස්ත්‍රික් ලේකම් සම්මේලනයේ සමාරම්භක සැසිය අමතමිනි.

ග්‍රාම රාජ්‍ය සංකල්පය ක්‍රියාත්මක කිරීම ස්වදේශ කටයුතු අමාතාංශයේ කාර්යයක් බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා එහිදී පැවසිය.

එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ “පංච විධ“ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇති පරිදී ග්‍රාම රාජ්‍ය සංකල්පය සඳහා ඉකුත් අගෝස්තු 17 වැනි දින පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් මහජන අනුමැතිය ලැබුණු බවත් ඒ අනුව මෙවර අයවැය මඟින් මුදල් වෙන් වී ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

නව රජයේ සංවර්ධන වැඩපිළිවෙල පුළුල් ලෙස ගමට ගෙන යාම පිළිබඳව විශේෂයෙන් මෙවර සමුළුව මඟින් දිස්ත්‍රික් ලේකම්වරුන් දැනුවත් කිරීම මෙහි අරමුණ විය.

මෙහිදී අමාත්‍ය වජිර අබේවර්ධන මහතා රජය මඟින් ක්‍රියාත්මක කිරීමට නියමිත “ග්‍රාම රාජ්‍ය“ සංකල්පයේ දළ ව්‍යුහය පිළිබඳව දිස්ත්‍රික් ලේකම්වරුන්ට පුළුල් පැහැදිළි කිරීමක් සිදු කළේය.

ඒ අතර දිස්ත්‍රික් ලේකම්වරුන් ඉදිරිපත් කළ ගැටලු, ඒ ඒ දිස්ත්‍රික්ක සඳහා විශේෂයෙන් ම බලපාන ඇතැම් ගැටලු සඳහා අමත්‍යාවරයා ඒ අවස්ථාවේදීම විසඳුම් ලබාදුන් අතර අනෙකුත් ගැටලු සහ යෝජනා ලිඛිතව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම සඳහා ඉල්ලා සිටියේය.

ඔව්.. මන්ත්‍රීවරුන්ට මුදල් දුන්නේ නැහැ :

දිස්ත්‍රික් ලේකම් සමුළුව අමතමින් අමාත්‍ය වරයා වැඩිදුරටත් මෙසේද පැවසීය,

“රජයේ සංවර්ධන කටයුතු වේගවත් කිරීමේ අභිලාශය මත ඔබව දැනුවත් කිරීම මෙහි අරමුණයි. මුළු දිස්ත්‍රික්කයේම සියලු කටයුතු හසුරුවන්නේ ඔබයි. එය සාර්ථක කරගැනීමට නම් පහසුකම් ලැබීමට අවශ්‍යයි.

මම දන්නවා ඔබ විවිධ අපහසුතා මධ්‍යයේ කටයුතු කරන බව. ඇතැම් අවස්ථාවලදී රජය ලබාදෙන සීමා තුළ කටයුතු කිරීම අපහසුයි.

දැන් වැරදි මතයක් ගෙන යනවා මන්ත්‍රීවරුන්ට 2015 වර්ෂයට මුදල් දුන්නේ නැහැ කියලා. ඔව් මන්ත්‍රීවරුන්ට මුදල් දුන්නේ නැහැ. නමුත් සෑම කොට්ඨාසයකටම මුදල් දුන්නා. ඒ අනුව එක කොට්ඨාසයකට රුපියල් ලක්ෂ 600 ක පමණ වැඩ අවසන්. ගමට සල්ලි ගියා.

පසුගිය වර්ශයේ දින 100 ආණ්ඩුව, මැතිවරණ ආදී විවිධ ප්‍රශ්න මැද එම සංවර්ධන කටයුතු අවසන් කළා. සමහර තැන්වල අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒවා ඉදිරියේදී නිවැරදි කිරීමට කටයුතු කරනවා. ඒ නිසා ඔබට විශේෂ ස්තූතියක් පළ කරන්න කැමතියි“

මෙම සමුළුව සඳහා ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා, අමාත්‍යාංශ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහත්වරු, ඇතුළු සියලුම දිස්ත්‍රික් ලේකම්වරු සහභාගීවී සිටියහ.

Related posts

නැවත දැනුම් දෙන තුරු මුහුදු යාමෙන් වලකින්න | පීඩන අවපාතය ඉදිරි පැය 24 තුළ චණ්ඩ සුළිි කුණාටුවක් වන ලකුණු

colombotoday

පාඩුයි කියා ලං.වි.ම. ත් චීනයට..! සේවක සංගම් රතු එළි දල්වයි…

colombotoday

ධනුෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස් කෙරේ…

Admin

ලන්ඩන් ප්‍රහාරයේ ත්‍රස්තයන් හෙළිවෙයි.. එක් අයෙක් පාකිස්ථානුවෙක්.. ප්‍රහාරයේ වගකීම ISIS භාරගනී

colombotoday

සොයිසාපුර වෙඩි තැබීමේ සිදුවීමට අදාළ නොතරතුරු රැසක් හෙළිවේ

colombotoday

රට කඩන්න කොටින්ට සහයවූ පාස්කරලිංගම් අගමැති උපදේශක.. රට බේරාගත් ගෝඨාභය යහපාලනයෙන් සිරගෙට !!

colombotoday