Colombo Today Local News

රට කඩන්න කොටින්ට සහයවූ පාස්කරලිංගම් අගමැති උපදේශක.. රට බේරාගත් ගෝඨාභය යහපාලනයෙන් සිරගෙට !!

ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම තුළ සතුටු කළ හැකි එකම කණ්ඩායම එල්.ටී.ටී.ඊ ඩයස්පෝරාව පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මේ රජය එල්.ටී.ටී.ඊ ඩයස්පොරොවේ වුවමනාවට ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට උත්සහ ගන්නේ එවැනිම කලක එල්.ටී.ටී.ඊ ය සම්බන්ධයෙන් තීරණ ගත් නිලධාරීන් නිරුපද්‍රිතව අද වන විටත් සිටියදී බව ද මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.

1989 – 1990 ආර්.පාස්කර්ලිංගම් මහතා මේ රට කඩන්න තීන්දු කරනු ලැබු කොටින්ට පැහැදිලි ලෙස සක්‍රිය දායකත්වයක් දැක්වු බව සියලු දෙනා දන්නා කරුණක් නමුත් වර්තමාන ශ්‍රි ලංකාවේ අග්‍රාමාත්‍යවරයාගේ මුදල් කටයුතු සම්බන්ධ උපදේශක වශයෙන් ඔහු කටයුතු කරමින් සිටින බවත් බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

කොටින්ගෙන් රට බේරා ගත් ජාතික නායකයෙක් වශයෙන් සිටින ගෝඨාභය රාජපක්ෂ මහතා ඇප නොමැතිව අත්අඩංගුවට උත්සහ දරනුයේ විදේශිය ඩයස්පොරාවේ වුවමනාවට බව ද මන්ත්‍රීවරයා කියා සිටියේය.

අද වන විට රට තුළ ත්‍රස්ථවාදය තිබුණේ නම් කිසිදු සංවර්ධනයක් සිදු කළ නොහැකි බවත් වර්තමානයේ ත්‍රස්ථවාදය පිටු දැක අලුත් ගමනක් ආරම්භ කිරීමේ දී මෙවැනි අත්අඩංගුවට ගැනීමක් සිදුකරනු ලබන්නේ එක්සත් ජාතික පක්ෂයට එල්ල වි ඇති මහා බැඳුම්කර වංචාව නිසා බව ද මන්ත්‍රීවරයා මෙහිදී චෝදනා කර සිටියේය.

ඊයේ (27) පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

Related posts

මහේල ජයවර්ධන සුද්දන්ට වැඩ කිරීම ගැන කණගාටුයි.. තිලංගගෙන් දොස්මුරයක්

colombotoday

මුතුරාජවෙල නැවත ව්‍යාපෘති කරන්න අපි ඉඩදෙන්නේ නැහැ – රාජ්‍ය ඇමති පවසයි

colombotoday

හිටපු ජනාධිපතිවරුන්ගේ ඡායාරූප ගලවා අනුරගේ පින්තූරය පමණක් එල්ලයි

Admin

පළාත් කිහිපයකට කාළගුණයෙන් රතු නිවේදන

colombotoday

‘තනපට ගලවන සංදර්ශනවලට ආය ඉඩ තියන්නෑ.. සංස්කෘතිය වනසන අයට තලන්න ඕන මඩු වලිගෙන්’ – ජනපති

colombotoday

අරාබි පාසලකට මුදල් එකතු කළ 5 දෙනෙක්‌ අත්අඩංගුවට

colombotoday