Colombo Today Local News

ගව ඝාතනය නැවැත්වීමේ ජනපති තීරණයට රවී එරෙහි වේ.. රවී පිටුපස උලමා සංවිධානය!

ravi ulama

ශ්‍රී ලංකාව තුළ ගව ඝාතනය නැවැත්වීම සදහා කටයුතු කළ යුතු බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කිරීමත් සමග ජමියාතුල් උලමා සංවිධානය ඇතුළු මුස්ලිම් සංවිධාන දැඩි කලබලයට පත්ව ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව මුදල් ඇමති රවී කරුණානායක මහතා හරහා මෙම තීරණයට විරෝධතා ඉදිරිපත් කිරීම සදහා ජනාධිපතිවරයා මුණගැසීමට අවස්ථාවක් ඉල්ලා තිබෙන බවයි ColomboToday.com වෙත වාර්තා වන්නේ.

පසුගිය ජනාධිපතිවරණයේදී ඉදිරිපත්කළ මෛත්‍රී ප්‍රතිපත්ති ප්‍රකාශනයේද සත්ව හිංසාව වැලැක්වීම සදහා නීති ගෙන එන බව සදහන් වූ අතර ඒ පිළිබදව ජනපතිවරයාගේ අවධානය යොමුව ඇති බවද දැනගැන්මට ලැබී තිබේ.

පසුගිය 18දා පයාගල හින්දු විද්‍යාලයේ පැවති උත්සවයකදී ජනපතිවරයා සදහන් කළේ මෙරට ගව ඝාතනය නතර කරන ලෙසටත්, ගවමස් කන පිරිසට ඒවා රටින් ගෙන්වීමට අවශ්‍ය වටපිටාව සැකසීමට කටයුතු කරන ලෙස අයවැය සකසන අවස්ථාවේදී තමා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගෙන් ඉල්ලා සිටි බවත් ඔහු එම ඉල්ලීම පැහැර හැර ඇති බවත්ය.

කෙසේ වෙතත් ගව සම්පත මෙරට ඓතිහාසික සංස්කෘතිය හා යාවජීවව බැදී ඇති බැවින් සහ බෞද්ද හා හින්දු සමාජය එය පිළිකුල් කරන බැවින් ගව ඝාතන විරෝධයද මෙරට සංස්කෘතියේම කොටසක් වශයෙන් වරින් වර ඉස්මතුවූ විය. ගව ඝාතනය සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පූජ්‍ය බෝවත්තේ ඉන්දරතන හිමියන් දෙවසරකට පෙර සිරුරට ගිණිතබාගෙන අපවත් වීම මෙරට බහුතර සිංහල බෞද්ධ ජනතාවට දැඩිව දැණුනු සංවේදී කාරණාවක් වූ අතර ඒ සමගම ගවඝාතන විරෝධයද වඩාත් තිව්‍ර අන්දමින් කතාබහට ලක්විය.

ඉන්දරතන හිමියන්ගේ අපවත්වීම නිමිතිකරගෙන භික්ෂූන් වහන්සේ ප්‍රමුඛව සිවිල් සංවිධාන ගව ඝාතනය වැළැක්වීමට කටයුතු කරන ලෙස එවක රජයට දැඩි ලෙස බලපෑම් කළ අතර එම ඉල්ලීම්වලට සිය උපදේශකයන්ගේ මැදිහත්වීම මත හිටපු ජනාධිපතිවරයා කිසිදු අනුකූලත්වයක් නොදැක්වීම නිසා මුල්පෙළේ බෞද්ධ සංවිධාන ක්‍රියාකාරීන් ඔහු සම්බන්ධයෙන් යම්කිසි කළකිරීමකින් පසුවු අතර එය පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපතිවරයාට අවාසිදායක අන්දමින් බලපෑමටද හේතු විය.

Related posts

රන්ජන් ජනාධිපති කොමිෂන් සභාව හමුවට රැගෙන එයි

colombotoday

ජනතාවම මුදල් එකතු කරදී මාස තුනයි.. කෝටි 20ත් නෑ.. පෙට් ස්කෑනරෙත් නෑ !

colombotoday

ඥානසාර හිමිගේ ජන්ම දිනය මාර්තු 04 – ආශීර්වාද පුජාව කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරයේදී

colombotoday

හරක්කටා පළා යාමට උත්සාහ කිරීම ගැන ඒකාබද්ධ විමර්ශනයක්

Admin

බන්ධනාගාර‍යේ සිට දර්ශණපති උපාධියට (Mphil) සුදානම් වන බමුණුසිංහ.

Admin

“සමීප මිතුරෙකු ලෙස අසීරු අවස්ථාවෙන් ශ්‍රී ලංකාවට ඉන්දීය රජයේ උපරිම සහය දෙනවා” – ඉන්දීය විදේශ ලේකම්

colombotoday