Colombo Today Local News

පාඩුයි කියා ලං.වි.ම. ත් චීනයට..! සේවක සංගම් රතු එළි දල්වයි…

රටේ සියලු මර්මස්ථානවලට අත තබමින් සිටින ආණ්ඩුවේ මීළඟ ඉලක්කය බවට පත්වී ඇත්තේ ලංකා විදුලි බල මණ්ඩලය බවත් මීළඟට චීනාට විකිණීමට නියමිතව ඇත්තේ නොරොච්චෝලේ බලාගාරය බවත් ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් පවසයි.

නොරොච්චෝලේ බලාගාරයේ දිනෙන් දින සිදුවන බිඳවැටීම් හරහා නොරොච්චෝලේ නඩත්තු කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදාව ඇති බවත් මින් පීඩාවට පත්වන්නේ ජනතාව හෙයින් හම්බන්තොට වරාය චීනයට දුන්නා සේම මෙයද චීනාට දීම හැර අන් විකල්පයක් නැති බවට රජය නුදුරේදීම පවසන බවත් හෙතෙම පැවැසීය.

මෙවැනි තාක්ෂණික දෝෂ උපයෝගී කරගනිමින් රටේ ජනයාට නොරොච්චෝලේ හිසරදයක් වන තත්ත්වයට ගෙනැවිත් ඒ හරහා නොරොච්චෝලේ විකිණීම සාධාරණීයකරණය කරමින් රටේ ජනමතයක් නිර්මාණය කිරීම මේ දිනවලදී සිදුවන බවද ඔහු පැවැසුවේය.

මේ වන විට විදුලි ජනනය, සම්ප්‍රේෂණය, බෙදා හැරීම, බලශක්තිය සම්බන්ධයෙන් පනත් කෙටුම්පතක් ඉදිරිපත් වී ඇති බවත් එහි කමිටුවක් පත්කොට ඇති බවත් ඉදිරි දස වසරේ ලංවිම වැඩ කටයුතු පිළිබඳ තීන්දු තීරණ ඒ හරහා ගන්නා බවත් ඔහු එහිදී පැවැසීය.

Related posts

ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව එන සතියේ රැස්වෙයි.. කෙටුම්පත ළගදීම පාර්ලිමේන්තුවට

colombotoday

හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ICCයට එවූ කිසිදු ලිපියක තොරතුරු නෑ – ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය

colombotoday

කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාර පතුරවන පුද්ගලයින් සොයන්න CIDයෙන් කණ්ඩායම් තුනක්

colombotoday

ත්‍රස්ත ක්‍රියා කළ බවට සාක්ෂි ඉදිරිපත් කර නෑ.. යුරෝපයේ කොටි තහනම ඉවත් කරන්න නිර්දේශ කෙරේ

colombotoday

පළුගස්වැව සැකකටයුතු මරණයක්

Admin

ආනවිළුන්දාව අභයභූමිය ඩෝසර් කළ සැකකරුවන්ට ඇප

colombotoday