Colombo Today Local News

” යාල අභයභූමිය ළඟ මුවන් දෙදෙනකු මරා පාටියක් දාලා.. අලින් ගැන උනන්දු පරිසරවේදින් කුඩා සතුන් ගැන කතා කරන්නේ නැහැ “

කිසියම් පිරිසක් යාල අභය භූමිය අසල පාරේ මුවන් දෙදෙනකු හම ගසා පාටියක් දමා ඇතැයි වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (7)දින පැවැසීය.

එම මුවන් දෙදෙනාගේ යම් යම් කොටස් පාරේ තිබී සොයාගත් බවද හෙතෙම සඳහන් කළේය.

දිසානායක මහතා මෙසේ පැවසූවේ වනජීවී අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

කිසිම පරිසරවේදියකු මේ ගැන කතා නොකළ බව පැවසූ විමලවීර දිසානායක මහතා අහිංසක මුවන් ගෝනුන් දහස් ගනනක් මරා දමන බවද ප්‍රකාශ කළේය.

අලින් ගැන උනන්දු කිසිම පරිසරවේදියකු ඒ කුඩා සතුන් ගැන කතා නොකරන බවද ඔහු පැවසුවේය.

අද අලි ගල් කපන්නේ ඉතාම දුෂ්කරතා මධ්‍යයේ බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා අමාත්‍යාංශයට ලබාදුන් මුදල්වලින් කොටසක්ද රජය නැවත ලබා ලබාගත් බව ප්‍රකාශ කළේය.

කැලේ ඇතුළේ සිදුවන අලි පහරදීම් සම්බන්ධයෙන් වගකීමක් ගත නොහැකි බවත් අලි වැට කිලෝමීටර් එක්දහස් පන්සියයක් ඉදිකිරීමේ කටයුතු ලබන 16 වැනිදා අරඹන බවත් හු වැඩිදුරටත් කීය.

Related posts

IMF ලොක්කී එන සතියේ එයි.. රාජ්‍ය ආයතන රැසක් විකිණීමට තීන්දුයි !

colombotoday

ජල ගාස්තුව සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක්

colombotoday

ලංවිම ට ගෙන ආ ප්‍රමිතියෙන් තොර ජෙනරේටර් 50ක් ගැන කෝප් කමිටුවේදී හෙළිවෙයි..

colombotoday

ඌව පළාත් සභාව යුද පිටියක් වෙයි.. ගුටි ඇණගෙන මන්ත්‍රීන් රෝහලේ [Video]

colombotoday

දෙදරු මවකගේ මරණයට සැකපිට සැමියා අත්අඩංගුවට

Admin

ඡන්දෙට එන්න මන්ත්‍රීවරුන්ට හමුදාවෙන් තෙල්

colombotoday