Colombo Today Local News

ඡන්දෙට එන්න මන්ත්‍රීවරුන්ට හමුදාවෙන් තෙල්

පාර්ලිමේන්තුවට පැමිණෙන මන්ත්‍රීවරුන් සඳහා තමන් පදිංචි ප්‍රදේශයන්හි යුද හමුදා කඳවුරුවලින් ඉන්ධන ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සපයා ඇති බවට වාර්තා වෙයි.

පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා ඉන්ධන ලබා ගැනීමට ක්‍රමවේදයක් නොමැති බවට මන්ත්‍රීවරුන් පිරිසක් කතානායකවරයාට කළ පැමිණිල්ලකට අනුව ඉන්ධන ලබා ගැනීම සඳහා මෙම පහසුකම සලසා දී ඇත.

තවද නව ජනාධිපතිවරයා තෝරාපත් කරගන්නා ඡන්ද විමසීමේ අවස්ථාවට සහභාගීවීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණෙන සියලුම මන්ත්‍රීවරුන්ට විශේෂ පොලිස් ආරක්ෂාව ලබාදීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයාට උපදෙස්දී තිබේ.

Related posts

මහ බැංකු බැදුම්කර මගඩියේ තරම අර්ජුණ්ගේ බෑනාගේ සමාගම් ලාභයෙන් එළියට පනී

colombotoday

මිගමුව නියෝජ්‍ය නගරාධිපති තියුණු ආයුධ සමග අත්අඩංගුවට

colombotoday

ඊයේ අස්වූ දිල්රුක්ෂි අද නීතිපති දෙපාර්තමේන්තුවේ ලොකු තනතුරකට !

colombotoday

රඹුක්කන විරෝධතාකරුවන්ට වෙඩිතැබීමට සම්බන්ධ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නැයි නියෝග

colombotoday

රතිඤ්ඤා කරල අතේ පුපුරා දරුවෙකු රෝහලේ

Admin

ක්‍රීඩා ඇමැතිට අභියාචනාධිකරණයෙන් අතුරු නියෝගයක්

Admin