Colombo Today Local News

ජනපති ධුරය සඳහා නාමයෝජනා භාර දීම අද

ජනාධිපති ධුරය සඳහා වන නාමයෝජනා භාරගැනීම අද (19)දින සිදු කිරීමට නියමිතව තිබේ.

අද (19) උදෑසන 10 .00ට පාර්ලිමේන්තුව රැස්වී නාමයෝජනා භාරගැනීම කළ යුතු බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා පසුගිය සෙනසුරාදා සභාවට දන්වා සිටියේ ය.

පාර්ලිමේන්තු මහ ලේකම්වරයා නාමයෝජනා භාරගැනීමේ ක්‍රියාවලිය මෙහෙයවන නිලධාරියා හෙවත් තේරීම්භාර නිලධාරියා වශයෙන් කටයුතු කරනු ඇති.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මහලේකම්වරයා අමතමින් තවත් මන්ත්‍රීවරයෙකු ජනාධිපති ධුරයට යෝජනා කළ යුතු වේ.

එසේ යෝජනා කරන මොහොතේ නම යෝජනා කරන මන්ත්‍රීවරයා සභා ගර්භයට පැමිණ සිටීම අත්‍යවශ්‍යයි.

ඊට පසු එම යෝජනාව වෙනත් මන්ත්‍රීවරයෙකු ස්ථිර කළ යුතු වේ.

මේ පිළිබඳව විවාද කිරීමට කිසිම හැකියාවක් නොලැබේ.

යම් ආකාරයකින් එක් මන්ත්‍රීවරයෙකුගේ නමක් පමණක් යෝජනා කර ස්ථිර කළ හොත් එම මන්ත්‍රීවරයා පුරප්පාඩු වී තිබෙන ජනාධිපති ධුරය සඳහා පාර්ලිමේන්තුව තෝරාපත් කරගෙන ඇති බව එදිනම මහලේකම්වරයා විසින් ප්‍රකාශයට පත්කරනු ලබයි.

එක් මන්ත්‍රීවරයෙකුට වඩා වැඩි දෙනෙකුගේ නම් යෝජනා කොට ස්ථිර කළ හොත් නාමයෝජනා භාරගැනීමේ වෙලාවෙන් දින දෙකකට පසුව නොවූ දිනයක ඡන්ද වීමසීම පැවැත්විය යුතු ය.

ඒ අනුව අද දිනයේ නම් දෙකක් හෝ කිහිපයක් යෝජනා වුවහොත් 20 වැනිදා වෙන් වන්නේ ඡන්ද විමසිම පවත්වා ජනාධිපතිවරයා තෝරා ගැනීමටයි.

Related posts

ආගමික සිද්ධස්ථානයන්හි පුද්ගල එක්රැස්වීමට අවසර

colombotoday

කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය භාරව සිටි ගරු ශ්‍රී ලාල් ෆොන්සේකා පියතුමන් පාස්කු ප්‍රහාරය ගැන හොයන ජනපති කොමිසම හමුවට

colombotoday

මහා සංඝරත්නයේ අනුමැතිය නැති ව්‍යවස්ථාවක් එපා – බුද්ධ ශාසන කාර්යසාධක මණ්ඩලය

colombotoday

අල්ලස් ගන්න අය කැබිනට් මණ්ඩලයේ

Admin

රනිල් මාධ්‍යට තර්ජනය කළේ නෑ… මාධ්‍ය නිදහස දැන් උපරිමයි – චම්පික

colombotoday

ඩීල් ඇති. වකුගඩු ජාවාරමේ යෙදුනු GMOA ප්‍රධානියා වහා අත්අඩංගුවට ගනු – GMOF

colombotoday