Colombo Today Local News

කුඩු සලිඳු සහ හරක්කටා රඳවා සිටි CIDයේ කුටි ආශ්‍රීත වැසිකිළියකින් වේදනානාශක පෙති තොගයක් සොයා ගැනේ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැසිකිළියක් තුළ තිබී වේදනානාශක ඖෂධ පෙති තොගයක් සොයා ගෙන තිබේ.

අවස්ථා තුනකදී එලෙස වේදනානාශක ඖෂධ පෙති සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.

එම ඖෂධ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් වන කුඩු සලිඳු සහ හරක්කටා යන සැකකරුවන් රඳවා සිටි කුටි ආශ්‍රීත වැසිකිළියකින් හමුවී තිබේ.

සොයාගත් ඖෂධ වැඩිදුර විමර්ශනය සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කළ බව පොලිසිය ප්‍රකාශ කළේය.

මේ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලාගිය කොස්තාපල්වරයා රැඳි සිටි බැරැක්කයේ තිබි එම ඖෂධ හා සමාන වේදනා නාශක පෙති තොගයක් හමුවී තිබේ.

පොලිසිය සඳහන් කළේ, නඳුන් චින්තකගේ හෙවත් හරක්කටාගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් පිරිසකට පොලිස් කොස්තාපල්වරයෙකු යොදවා කිරිටොෆි සහ තේ ලබා දීමේදී මෙම ඖෂධ පෙති කලවම් කර ලබා දී ඇතැයි සැකකරන බවයි.

එම සිද්ධියට සම්බන්ධ ටොෆි සහ තේ ලබාදුන් අදාළ කොස්තාපල්වරයා මේ වන විටත් අතුරුදන්ව ඇතැයි, පොලිසිය ප්‍රකාශ කළේ ය.

Related posts

LTTE මූල්‍ය ජාලය තවමත් සක්‍රීයයි.. ඩයස්පොරා තහනම රජය ඉවත්කරද්දී අමෙරිකාවෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday

බාස්මති හැර අනෙකුත් සහල් වර්ග ආනයනය තහනම් කරයි

Admin

කිරිඇල්ල, අශෝක්, හර්ෂ ද සිල්වා සහ තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරු ස්වයං නිරෝධායනයට

colombotoday

කොරෝනා මරණ 800 දක්වා ඉහළට… 37,000ක් ආසාධිතයි !

colombotoday

කොල්ලුපිටියේ නිවසක පුද්ගල මළසිරුරක්.

colombotoday

සදුදා අලුත් ආණ්ඩුවක්… අලුත් අගමැති ගැන තීරණය දින දෙකකින්…

colombotoday