Colombo Today Local News

නාමල්ගේ සමාගමේ අධ්‍යක්ෂකවරියක් රිමාන්ඩ් !

cb2a773598e94fbc5119d599ec738cd5_Lපාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් යැයි කියන ගවර්ස් කෝපරේෂන් හි අධ්‍යක්ෂකවරියක් ලෙස කටයුතු කළ නිත්‍යා සේනානි සමරනායක නමැති අය අද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු 22 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.

රු. මිලියන 45 ක මුදලක් රජයට පාඩු කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට අදාළ නඩුවට සම්බන්ධයෙන් ඇයටද චෝදනා එල්ල වී ඇත.

අදාළ සමාගමේ තවත් අධ්‍යක්ෂකවරියක වූ, ජනක බෝගොල්ලාගමගේ දියණිය වන සුජානි බෝගොල්ලාගම ද අද දිනයේදී අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත් ඇය රෝහල්ගතව පසුවන බව ඇයගේ නීතිඥයින් අධිකරණයට දැනුම් දුන්නේය.

Related posts

ගෝඨා, බැසිල් ඇමරිකන් CIA කාරයෝ – චම්පික රණවකගෙන් චෝදනා

colombotoday

රට ගොඩ නැගිය හැකි නිවැරදි පුද්ගලයින් පාර්ලිමේන්තුවට යවන්න- විමල්

colombotoday

ඇමති මාරුවෙන් රජයට කෝටි 10ක අමතර බරක් !

colombotoday

පෞ. සමාගමකට අයත් ගුවන් යානයක් හදිසියේ ම කිඹුලාපිටියට ගොඩ බායි

colombotoday

හිටපු මන්ත්‍රී කේ. තුරෙයිරෙත්නසිංහම් කොවිඩ් ආසාදිතව අභාවප්‍රාප්ත වෙයි

colombotoday

විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරයේ ගේට්ටුව අසලට ම

colombotoday