Colombo Today Local News

දෙදරු මවකගේ මරණයට සැකපිට සැමියා අත්අඩංගුවට

නිවසක් තුළ සැකකටයුතු ලෙස මියගිය දෙදරු මවකගේ මරණය සම්බන්ධයෙන් සැකපිට ඇයගේ සැමියාව අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (17)දින ඔහුව අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලීසිය සඳහන් කරයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර, ගමගොඩ ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙක්වය.

කළුතර ගමගොඩ ප්‍රදේශයේ පදිංචිවී සිටි නීලමුණි රමණී සිල්වා නමැත්තිය ඉකුත් 12 වනදා පස්වරුවේ නිවස තුළ වැටී මියගොස් සිට ඇති අතර, මරණය සැකසහිත බව දැනුම් දී ඇතැයි පොලීසිය පවසයි.

ඒ අනුව කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයක් අනුව සිදුකළ මරණ පරීක්ෂණයේදී, හුස්ම සිර කිරීමෙන් සිදුවූ මරණයක් බවට තහවුරුවී ඇත.

ඒ අනුව එම සිද්ධිය පිළිබඳව දිගින් දිගටම පරීක්ෂණ සිදුකළ පොලීසිය සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ උපදෙස් පරිදි, අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්මික සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ සිදුකෙරේ.

Related posts

විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීමට නියෝග !

colombotoday

මුදල් ඇමති රවී උනාට මහබැංකුව තිබ්බේ අගමැති යටතේ…! බැදුම්කර හොරු රවී හෙළිකරයි

colombotoday

ජාතික සභාව පිහිටුවීම ගැන යෝජනාව අද පාර්ලිමේන්තුවේ විවාදයට

colombotoday

කලිනොච්චියේදී බසයක් ගිනිබත් වෙයි.. ගිනි ගත්තද.. ගිනි තිබ්බද.. සැකයක් !

colombotoday

ජමියතුල් උලමාත් ආගමානුකූලව ළමා අපචාර කිරීමේ ලයිසන් එක දිගටම ඉල්ලයි

colombotoday

රණවිරුවන් 24ක් මරා පුළුස්සලා.. නිදහස් ඉල්ලන කොටි සිකරුවන් 3දෙනෙකුගේ කෙරුවාව හෙළිවෙයි

colombotoday