Colombo Today Local News

කොටි කුරිරුකම් ගැන කියන “ඩීමන්ස්‌ ඉන් පැරඩයිස්‌” යාපනයේ ප්‍රදර්ශනය අත්හිටුවයි

කොටි සංවිධානයේ කුරිරුකම් ප්‍රදර්ශනය කෙරෙන ජූඩ් රත්නම්ගේ ‘ඩීමන්ස්‌ ඉන් පැරඩයිස්‌’ චිත්‍රපටය යාපනය ජාත්‍යන්තර සිනමා උළෙලේ තිරගත කිරීම අත්හිටුවීමට එහි සංවිධායකයන් තීරණය කර ඇත.

මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කළොත් යාපනයේ ජාත්‍යන්තර සිනමා උළෙල වර්ජනය කරන බවට දමිළ ජාතිකයන් පිරිසක්‌ උළෙලේ සංවිධායකයන්ට තර්ජනය කිරීම නිසා ‘ඩීමන් ඉන් පැරඩයිස්‌’ උළෙලින් ඉවත් කර ඇතැයි චිත්‍රපටයේ අධ්‍යක්‍ෂ ජූඩ් රත්නම් ඊයේ (02 දා) ප්‍රකාශ කළේය.

රටවල් තිහක සහභාගිත්වයෙන් අද (03 දා) සිට 08 වැනිදා දක්‌වා යාපනය නගරයේදී යාපනය ජාත්‍යන්තර සිනමා උළෙල පැවැත්වේ. මේ සඳහා විදෙස්‌ චිත්‍රපට අසූවකට අධික සංඛ්‍යාවක්‌ ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

ශ්‍රී ලාංකීය චිත්‍රපටයක්‌ වන ‘ඩීමන් ඉන් පැරඩයිස්‌’ ප්‍රංශයේ කාන්ස්‌ සිනමා උළෙලේ ‘කැමරා දොa’ සහ ගෝල්ඩන් අයි’ යන සම්මාන සඳහා ද නිර්දේශ විය. ඊට අමතරව පසුගිය වසර තුළදී ලොව පුරා චිත්‍රපට උළෙල

රැසකින් සම්මාන ද හිමිකරගෙන තිබේ.

එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් උතුරේ දමිළ වැසියන්ට සිදුකළ හිරිහැර සහ කෲරකම් පිළිබඳව ද චිත්‍රපටයෙන් සාකච්ඡා කෙරෙන බැවින් ඊට උරණ වී ඇති කණ්‌ඩායමක්‌ එය ප්‍රදර්ශනය නොකරන ලෙසට තර්ජනය කර ඇතැයි තමන් විශ්වාස කරන බවද ජූඩ් රත්නම් මහතා ප්‍රකාශ කළේය.

මෙම සිකුරාදා (05 දා) සවස 6.45 ට යාපනයේ මැජස්‌ටික්‌ සිනෙප්ලෙක්‌ස්‌ ශාලාවේ’ ‘ඩීමන්ස්‌ ඉන් පැරඩයිස්‌’ ප්‍රදර්ශනය කිරීම සඳහා උළෙලේ කාලසටහනට ඇතුළත් කර තිබිණි.

Related posts

ලංකාවේ විශාලතම හා තාක්ෂණයෙන් උසස්ම පොහොර කම්හල විවෘත කරයි

Admin

නිශ්ශංක සේනාධිපති ඇතුළු සියලු චූදිතයින් ඇවන්ගාඩ් නඩුවෙන් නිදහස්

colombotoday

මහර ගැටුම – මියගිය දෙදෙනෙකු හඳුනාගනී

colombotoday

ඥාණසාර හිමිට එරෙහිව “සිවුරෙන් බෙල්ල කැපීමේ” නාටකය අද රංගනයේ !

colombotoday

පදක්කම් දිනූ ක්‍රීඩකයන්ට ඇමති ඉදිරියේම ක්‍රීඩා බලධාරියෙකු දුන්න අපූරු උපදේශය මෙන්න (Video)

colombotoday

20ට ඡන්ද විමසීම අද

colombotoday