Colombo Today Local News

ඥාණසාර හිමිට එරෙහිව “සිවුරෙන් බෙල්ල කැපීමේ” නාටකය අද රංගනයේ !

ganasara thero 2323

බොදු බල සේනා සංවිධානය හා ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් විනාශ කිරීම සදහා “සිංහලේ” නම සහිත දේශපාලන පක්ෂයක සහ ජාතික සංවිධානයක හිමිවරුන් පිරිසක් ප්‍රසිද්ධ දේශපාලන චරිත දෙකක් සමග කළ කුමන්න්ත්‍රණයක පිළිබදව අප මීට පෙර වාර්තා කළා.

ඥාණසාර හිමියන්ට එරෙහිව “සිවුරෙන් බෙල්ල කැපීමේ” එම නාටකය අද රගදැක්වීමට සූදානම් වන බව අදාළ සංවිධානයේ අභ්‍යන්තර තොරතුරු මාර්ග හෙළිකර සිටී.

දේශපාලකයන් දෙදෙනා සමග සිදුවූ අදාළ රහසිගත සාකච්ඡාව සදහා ‘සිංහලේ’ නම ඇති දේශපාලන පක්ෂයක ක්‍රියාකාරීව සිටි හිමිනමක්ද සහභාගී වී ඇති අතර එහිදී මුදල් ගනුදෙනුවක්ද සිදු වී ඇත. එම හිමියන් පසුගියදා ‍හෝමාගම උසාවියේදී ඇතිවූ සිද්ධිය සම්න්ධයෙන් අත්අඩංගුවට ගැනීමට වරෙත්තු කර සිටින හිමිනමකි. රහසිගත සාකච්ඡාවේදී සැළසුම් කළ පරිදි, හෝමාගම උසාවියේ සිදුවීම ක්‍රියාකාරී භික්ෂූන් වහන්සේලා සිරගත කිරීම සදහා ඥාණසාර හිමියන් සහ බොදුබල සේනා සංවිධානය සැළසුම්සහගතව කරන ලද කුමන්ත්‍රණයක් බව මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් නිකුත් කරමින් එම හිමියන් අද දහවල් පොලීසියට භාර වීමට නියමිතව සිටින බව අභ්‍යන්තර තොරතුරු මාර්ග තවදුරටත් හෙලිදරව් කරසිටී.

ඥාණසාර හිමියන්ගේ සහ බොදු බල සේනා සංවිධානයේ ජනප්‍රියත්වය සීග්‍රයෙන් ඉහළ යෑම තම ඉදිරි දේශපාලන සැළසුම් ක්‍රියාත්මක කිරීමට බාධාවක් වන බැවින් කෙසේ හෝ උන්වහන්සේගේ ප්‍රතිරූපය විනාශ කර ජාතික ක්‍රියාකාරීත්වයෙන් ඉවත් කිරීමේ අරමුණ ඇතිව දේශප්‍රේමී ලේබලය අලවාගත් දේශපාලකයන් කිහිපදෙනෙකුගේ මෙහෙයවීමෙන් මෙම කුමන්ත්‍රණය ක්‍රියාත්මක වන බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.

Related posts

‘අතුරුදන්වූවන් පිළිබද කාර්යාල පනතට‘ ජනපති අත්සන් තබයි !

colombotoday

සීදූවේ විහාරාධිපති ඝාතනය කර තරුණ හිමිනම ඩුබායි යන්න හදලා

colombotoday

බදු සහන දීම ගැන රජය සාකච්ඡා කරයි

Admin

ව්‍යවස්ථාව උල්ලංගණය වී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

colombotoday

කුඹුරු යායක තිබී ලේ ගලන තුවාල ඇති මළ සිරුරක් හමුව වෙයි

Admin

සහල් වැඩි මිලට අලෙවි කිරිමට වෙළදුන්ට අවසර

colombotoday