Colombo Today Local News

“අපි හැප්පුවේ නෑ, ඇවිත් හැප්පුනා.. අධිබල යතුරුපැදි භාවිතය තහනම් කළ යුතුයි” – ඇමති චම්පික

champika 2151

සිය අමාත්‍යංශයට අයත් ජීප් රථයකට ඉකුත් ඉරිදා (28 දා) රාත්‍රි වැලිකඩදී අධිබල ධාරිතාවෙන් යුත් යතුරුපැදියක ගමන් ගත් තරුණයකු ගැටී සිදුවූ අනතුර පිළිබඳව තමන් පොලිසියට කිසිදු බලපෑමක්‌ නොකළ බව මහ නගර සහ බස්‌නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක මහතා ඊයේ (3 දා) කළුතර දී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්‌ පවත්වමින් පැවසීය.

ශ්‍රී ලංකාවේ ධාවනය කිරීමට අනුමැතිය නොමැති යතුරුපැදිවලින් තරුණ පිරිසක්‌ මෙදින ගමන් කර ඇතැයි ද එක්‌ යතුරුපැදිකරුවකු මෙසේ තම අමාත්‍යංශයට අයත් වාහනයක පිටුපස ගැටී ඇතැයි ද ඇමැතිවරයා කීය.

කාලයක්‌ තිස්‌සේ මෙම අධිබලධාරිතාවකින් යුත් යතුරුපැදි ධාවනය වූ අතර පසුව එම යතුරුපැදි ධාවනය නොවූ නමුත් දැන් නැවතත් තරුණ පිරිස මේ යතුරුපැදි ධාවනය කිරීමට පටන්ගෙන ඇතැයි ද හෙතෙම පැවසීය.

මෙම අධිබලැති යතුරුපැදි තහනම් කළ යුතු බවත් ඒ පිළිබඳව අදාළ අංශවලට දන්වන බවත් ඇමැතිවරයා කීය.

සිය අමාත්‍යංශයේ වාහනයකට යතුරුපැදිකරුවකු යටවීමේ පරීක්‍ෂණ කටයුතු යටපත් කිරීමට තමන් කටයුතු කර ඇතැයි ඇතැම් මාධ්‍ය ප්‍රකාශ කර ඇතැයි ද එම ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බවද චම්පික රණවක ඇමැතිවරයා කීය.

මෙම අනතුර පිළිබඳ සම්පූර්ණ පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙස පොලිසියට දන්වා ඇතැයි ද ඇමැතිවරයා කීය.

Related posts

රට පනින්න ගිය බාල බෙහෙත් ගෙන්වීමට අදාළ තිදෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කරයි

Admin

රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාව සහ වාහන ඉවත් කිරීමට ජනාධිපති නියෝග කරයි

colombotoday

රන්ජන්ගේ හඩපට පිටුපස සැගවුණු ජාත්‍යන්තර න්‍යායපත්‍රයක් !

colombotoday

ලංකාව ඩොලර් මිලියන 10ක අවි තොගයක් බල්ගේරියාවට විකුණයි

colombotoday

බෙල්ලන්විල නාහිමියන් අපවත්වූයේ හෘදයාබාධයකින්.. ඇතෙකු පහරදුන් කතාව වැරදියි…

colombotoday

යුද හමුදා සෙබලෙක් ගංජා එක්ක මාට්ටු

colombotoday