Colombo Today Local News

ආදුරුප්පුවීදිය සිරමැදිරියේදී විශ කිරි පැකට්ටුව දීමත්, ජින්තුපිටියේ වෙඩි තැබීමත් හා කොළඹ- මෝදර වීදිය ප්‍රදේශයේ වෙඩි තැබීමේ සිදුවීමත් එකම ආරවුලක ප්‍රතිපලයක් – පොලීසියට සැකයක්

කොළඹ, මෝදර පොලිස් වසමේ මෝදර වීදිය ප්‍රදේශයේ පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිදුවීම මේ වන විට පාර්ශව දෙකක් අතර ඇතිවී තිබෙන ආරවුලක ප්‍රතිඵලයක් ද යන්න සොයා පරීක්ශන පවත්වන බව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලිසිය පවසයි.

මෙම පුද්ගලයා අවන්හල ඉදිරිපිට සිටියදී මෝටර් රියකින් පැමිණි පිරිසක් මොහුට වෙඩි තබා පළා ගොස් ඇත.

මෙම වෙඩි තැබීමෙන් අවන්හලක කළමනාකරුවෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබින.

මේ අතර ආදුරුප්පුවීදිය පොලිස් සිරමැදිරියේදී කිරි පැකට්ටුවකට දමා වස දීමත් ඉකුත් මස 24 වන දා ජින්තුපිටිය ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමත් එක් පාර්ශවයක් විසින් සිදු කරන ලද්දක් දැයි පොලිසියේ සැකය වී තිබේ.

ඒ මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදීය. සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු ඇතුළු පුද්ගලයන් 22ක් මේ වන විට ප්‍රශ්න කිරීම් සඳහා අත්අඩංගුවට ගෙන තිබේ.

‘පූකුඩුකන්නා’ පාර්ශවය සහ ‘සෙල්විගේ පුතුන්’ පාර්ශවය අතර මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් එම ප්‍රදේශය තුළ ඇතිව තිබෙන උග්‍ර ආරවුල මෙම සිද්ධීන්වලට හේතුවී ඇති බව පොලිසිය සැක පලකරයි.

Related posts

ආණ්ඩුවට මෙතරම් බලය දීලා තියෙන්නේ ජනතාවගේ මනස විකෘති නිසා

colombotoday

චීන දූත පිරිසක් අද ශ්‍රී ලංකාවට

colombotoday

වෙසක් සැමරුම වෙනුවෙන් සිරකරුවන් බැලීමට දින දෙකක්

Admin

රණවිරුවන් ආරක්ෂා කිරීමේ නව පනතක් ගෙන ආ යුතුයි – අස්ගිරි අනුනායක හිමි

colombotoday

කොරෝනා වෛරසය ආසාදනය වු පළමු ලාංකිකයා රෝහලෙන් පිටව යයි

colombotoday

සති තුනේ කිරිකැටියා කෝවිලක් ඉදිරියේ පෙට්ටියක දමා ගිහින් !

colombotoday