Colombo Today Local News

වෛරසය පෙන්නා අයේෂා රිෂාඩ්ට සහ පියාට ඇප ඉල්ලයි. | අධිකරණය ඇප ඉල්ලීම තුන්වන වරටත් ප්‍රතික්ෂේප කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ වන අයේෂා රිෂාඩ් සහ ඇගේ පියා වෙනුවෙන් ගොනු කළ ඇප අයදුම්පත් තුන්වන වරටත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද(30) ප්‍රතික්ෂේප කළේය.

විත්තිකරුවන් දෙදෙනාට කොවිඩ් -19 එන්නත ලබා දී නොමැති බව පවසමින් විත්තියේ නීතිඥවරයා මෝසමකින් ඇප ඉල්ලා සිටියේය.

රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ වන අයේෂා සිහබ්දීන් වෙනුවෙන් පෙනී සිටි විත්තියේ නීතිඥවරයා කියා සිටියේ තම සේවා දායිකාවගේ දරුවන් දෙදෙනා මේ වන විට මවගේ භාරයේ සිටින බවත් ඇගේ මව දින කිහිපයකට පෙර කොවිඩ් -19 වැළඳී ඇති බවට තහවුරු වූ බවත්ය.

සැකකරුවන් ඇප මත මුදා හැරීම සඳහා මෙම කරුණු සලකා බැලිය යුතු යැයි ඔහු අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. කරුණු සැලකිල්ලට ගෙන කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් දෙදෙනා වෙනුවෙන් ගොනු කළ ඇප අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළේය. අගෝස්තු 23 වෙනිදා රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ බිරිඳ, ඇගේ පියා සහ ඇගේ සහෝදරයා ඇතුළු සැකකරුවන් සිව්දෙනා සැප්තැම්බර් 6 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය මහතා නියෝග කළේය.

මෙම නඩුවේ පස්වන සැකකරු ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් නම් කර තිබේ. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් බදියුදීන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී. දැරියගේ මරණය පිළිබඳ පළමු සහ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අතර නොගැලපීම් කිහිපයක් පවතින බව අධිකරණයට දන්වා ඇත.

Related posts

අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු 10දෙනාට එරෙහිව නීතිපති විශේෂ මහාධිකරණයේ නඩු පවරයි

colombotoday

කොටි නායක එමිල් කාන්තන්ට එරෙහිව නිකුත් කර තිබූ වරෙන්තුව අධිකරණය ඉවත්කර ගනී.

colombotoday

නිෂ්පාදකයන් බිත්තර මිල අඩු කරන්න බැ කියයි…

Admin

ගෑස් පෝලිමේ සිටි අයෙක් මන්ත්‍රී කනක හේරත්ට ගෑස් සිලින්ඩරයකින් ගහලා

colombotoday

ශ්‍රී ලාංකීය අභිමානය ලෝකයට අරන් ජිනීවා යන VEGA !

colombotoday

ජර්මනියේ සිටි ලාංකිකයින් පිරිසක් අද දිවයිනට

colombotoday