ArticlesColombo Today Local News

ශ්‍රී ලාංකීය අභිමානය ලෝකයට අරන් ජිනීවා යන VEGA !

ඈත අතීතයේ සිටම ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස හදුන්වන කලෙකදී සිංහ දේශය ලෙසද හැදින්වූ ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාව ලොව පුරා ප්‍රසිද්ධත්වයක් උසුලන්නේ මනරම් භූ දර්ශන,අනර්ගතම තේ,කුළුබඩු සහිත ආහාර මෙන්ම කීර්තිමත් බෞද්ධ රාජ්‍යයක් ලෙසයි.

නමුත් මෙවර ශ්‍රී ලංකාව ප්‍රසිද්ධ වන්නේ වෙනත් හාත්පසින්ම වෙනස් ක්ෂේත්‍රයකිනි එය වෙන කිසිවක් නොව ලංකාවේ දක්ෂයන්ගේ දෑතින් නිමැවුණු සුපිරි ගනයේ වේගවත් මෝටර් රථයකි.වර්තමාන ලෝකයේ ප්‍රසිද්ධ නිර්මාණ ලෙස සැලකෙන ලාංකියයන් විසින් නිමවූ සීගිරිය වැනි අසිරිමත් නිර්මාණ ගොන්නට මෙම අපුරු නිමැයුම මාර්තු මාසයේ මුල ජිනීවා නුවරදී එළිදැක්වීමට නියමිතය

වේගා (Vega) නමින් හදුන්වන මෙම සුපිරි මෝටර් රථය වචනයේ පරිසමාප්තයෙන්ම වේගවත් රථයකි.සුපිරි මෝටර් රථ ලෝකයට ශ්‍රී ලංකාව හුරුපුරුදු නමක් නොවෙන බව අමුතුවෙන් කිවයුතු නොවන්නේ ලංකාවේ නිපදවූ වේගවත් මෝටර් රථයක් කිසිම කලෙක කරලියට නොපැමිණීම හේතුවෙනි.නමුත් උදාවූ නව ශතවර්ෂය සියල්ල උඩු යටිකුරු සිදුවීම්වලින් පිරි යනු ඇතැයි අනාවැකි කරුවන් පැවසු දේවල් සත්‍යයක් බවට පසක් කරමින් ශ්‍රී ලංකාවේ නිපදවූ මෝටර් රථයක් ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන අන්තර්ජාතික මෝටර් රථ ප්‍රදර්ශනයට ඉදිරිපත් කිරීමට සියල්ල සූදානම්ව ඇත.

ලෝකයේ ප්‍රමුකතම මෝටර් රථ ප්‍රදර්ශනයක් වන Geneva International Motor Show හි වසර 115කට අධික ඉතිහාසය තුල පළමු වතාවට ලංකාවේ නිපදවූ මෝටර් රථයක් දැක ගැනීමට ලැබීම මෝටර් රථවලට ආදරය කරනු ලබන ශ්‍රී ලාංකික ඔබ අප සියලු දෙනාම පින්වන්තයන් වන්නෙමු.

2014 වර්ෂයේ සිටම වසර 5 කට අධික කාලයක් නොපසුබසින උත්සාහය සමගින් මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට තමන්ගේ කාලය,දැනුම මේ සදහා විය පැහැදම් කල Harsha subasinghe මහතාටත් Beshan Kulapala මහතාටත් Vega Innovations ආයතනයේ සියලුම දෙනාටත් මේ සදහා නන් අයුරින් සහය දුන් සැමටත් පළමුව අපගේ ප්‍රණාමය පුද කල යුතුමය.

තරගකාරී සමාගම් 100 කට අධික සංඛ්‍යාවක් සහභාගී වන මෙම ප්‍රදර්ශනයේදී Vega රථයටත් බොහෝ දෙනාගේ අවධානය යොමු වෙතැයි අපට නිගමනය කල හැක්කේ දැනටමත් ලෝකයේ ජනප්‍රිය සමාජ ජාල පිටු මෙන්ම මාධ්‍ය විසින්ද මෙම රථය පිළිබද කරුණු ඉදිරිපත් කර ඇති නිසාවෙනි.

සම්පුර්ණයෙන්ම විද්‍යුත් බලයෙන් (electric) ධාවනය වන මෝටර් රථයක් වන මෙම වේගා රථය අශ්වබල 900 කින් සමන්විත වන අතර 0 සිට 100 දක්වා වේගයකට පැමිණීමට ගතවන කාලය තප්පර 3.1 ක් පමණක් වන බව සදහන් වේ.මේ අනුව සැසදීමේදී සුප්‍රකට මෝටර් රථයන් වන Ferrari 488 Pista (710hp), Porsche 911 GT 2 RS (700hp) සහ Mclaren 720 S වැනි රථ සතු අශ්වබල ප්‍රමාණයටත් වැඩි අශ්වබල ප්‍රමාණයක් Vega රථය සතුවේ.

0 සිට 100 දක්වා වේගය ලබා ගැනීමට ගතවන කාලයන් සැසදු විටද ඉහත කි ප්‍රබල මෝටර් රථවලට වඩා මිලි තප්පර කිහිපයකින් පමණක් කාලය වෙනස් වන අතර Lamborghini Aventador S රථයේ කාලයට ඉතාමත් ආසන්නම කාලයක් Vega රථයටද ගතවේ.ඒ අනුව බලන කල අඩ සියවසකට අධික කාලයක් මෝටර් රථ ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති මෙම ප්‍රබල යුරෝපිය රථයන් සමග කරට කර හැපීමේ හැකියාවක් Vega රථයට ඇති අතර මේ සියලුම සාධකයන් කිසි විටකත් සුළුකොට තැකිය නොහැකිය.

තාක්ෂනය,දැනුම,ප්‍රාග්ධනය සහ අත්දැකීම් අතරින් මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් වන ඉහත සමාගම්වලට අභියෝග කල හැකි රථයක් නිපදවීම කිසි සේත්ම පහසු කටයුත්තක් නොවන අතර මෙම Vega රථය ශ්‍රී ලාංකීය මෝටර් රථ නිපදවීමේ ක්ෂේත්‍රයේ හැරවීම් ලක්ෂයක් වන බව සක්සුදක් සේ කිව හැකිය.

දකුණු ආසියාවේ වසරකට විශාල මෝටර් රථ ප්‍රමාණයක් නිපදවන අසල්වැසි ඉන්දියාවේදී නිපදවූ DC Avanti රථයද Vega රථයේ (Performance)හැකියාවන් අසලටවත් ගෙන ආ නොහැකිය.තවද අනාගත ලෝකයේදී electric මොටර් රථ වලට ඉල්ලුම වැඩි වන බවත් බොහෝ මෝටර් රථ නිෂ්පාදන සමාගම් electric රථ නිෂ්පාදනයට යොමුවන අවදියක Vega වැනි රථයට ඉල්ලුම අනිවාරයෙන් ඉහල යා යුතුමය.

එක් ආරෝපනයකින්(මිනිත්තු 15කින් ආරෝපණය කල හැක) කිලෝමීටර් 250කට අධික ප්‍රමාණයක් ගමන් කිරීමට හැකිවීමද Vega රථයේ සුවිශේෂී ලක්ෂණයක් වන අතර sport රථයන් ලෙස සලකන විට අනෙකුත් වෙළදපොල දැකගත හැකි මෝටර් රථ අතරින් මධ්‍යස්ත මට්ටමේ ධාවන පරාසයක් මෙම රථය සතු වීම බොහෝ විට වාසි සහගත වනු ඇත.

මෙහිදී යොදා ගෙන ඇති බැටරියේ බර 480 kg පමණ වන බවත් මොඩියුල 12කින් සහ cell 50කින් සමන්විත වන බව සැලකෙන අතර සම්පුර්ණ රථයේ බර 2090kg පමණ වන බවද සැලකෙනවා.මෙම Vega රථයේ හැසිරවීමේ හැකියාව (Handling),(Weight distribution) ස්කන්ධය රථය පුරා බෙදී යන අයුරු ඇතුළු බොහෝ තාක්ෂණික විස්තර වීඩියෝවක් මගින් ඉදිරියේදී auto paradize youtube චැනලය හරහා ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙනවා.

තවදුරටත් දැක්විය හැකි කරුණු ලෙස Vega රථයට ලබා ගත හැකි උපරිම වේගය 250kmph බව ආසන්නව අශ්ව බල ප්‍රමාණය අනුව (තවම නිශ්චය කොට නොමැත)පමණ වන බවද පිස්ටන් 6ක බ්රේක් පද්දතියකින් මෙන්ම ඉදිරියේදී ස්වයං ධාවනය කල හැකි (Auto Pilot) පද්ධතියක්ද මෙම රථයට එකතු වන බවද පැවසෙනවා.මෙම රථයේ බද (body) රථයේ ස්කන්ධය අවම වන පරිදි carbon fiber මගින් නිපදවා ඇති අතර අවසාන වශයෙන් මෙම Vega රථයේ මිල ඩොලර් 250,000 පමණ වනු ඇතැයි අනුමාන කෙරෙනවා.

සම්පුර්ණයෙන්ම all-wheel-drive රථයක් වන Vega රථයේ ධාවන පද්දතිය ධාවනය වන අවස්තාවන් අනුව පරිගණක පද්ධතියකින් පාලනය වනු ලබන අතර එම සියලුම පද්ධතිවල මෘදුකාංග මෙහෙයුම් ඇතුළු Vega රථයේ සියලුම engineering, electronic, mechanical සහ design සිදු කොට ඇත්තේ ලාංකිය පුද්ගලයන් වීම මෙහිදී විශේෂයෙන් කිව යුතුය.

අවසානයේදී කිව යුතු වන්නේ Vega රථය නිපදවීම යනු හුදෙක් මෝටර් රථයක් නිපදවීමක් නොවේ එය ලාංකීය මෝටර් රථ ක්ෂේත්‍රයේ නොමැකෙන පියවරක් වන බවත් ලාංකියයන් දක්ෂතා වලින් පිරිපුන් පිරිසක් බවටත් ඕනෑම අභියෝගයක් ඉදිරියේ නොසැලී සිටින ජාතියක් බවත් ලොව විස්මිත නිර්මාණ මෙම කුඩා දුපතේ අතීතයේදී මෙන්ම වර්තමානයේත් අනාගතෙයෙත් නිපදවෙන බව ලොවට මතක් කරදිමකි.

මෙමගින් ලැබෙන ලෝක ජනප්‍රියත්වය වක්‍ර අයුරින් ලංකාවේ ඉදිරි ආයෝජන සදහාද ඉවහල් වන බව අමුතුවෙන් කිවයුතු නොවන අතර Vega රථයේ ජිනීවා ගමනට Auto Paradize වෙතින් උණුසුම් සුබ පැතුම් එක්කරනවා. Vega රථයේ එළිදැක්වීම ඇතුළු තව මාස කිහිපයකින් ඇරබෙන Geneva motor show එකෙහි සියලුම තොරතුරුද ඔබ වෙත ගෙන ඒමට ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා.

All images are copyright to their respective owners.

Image sources are from official pages of Vega Innovations, Harsha Subasinghe, and Beshan Kulapala

Auto Paradize FB

Related posts

හමුදා රාජකාරියේ සිටිමින් දේශපාලන වැඩ.. ෆොන්සේකාගේ පට්ටම අනතුරේ

colombotoday

බොරැල්ල Traffic OIC හප්පා පලා යෑම – මන්ත්‍රී මහින්දානන්දගේ පුත්‍රයාත් අත්අඩංගුවට

colombotoday

දුමින්ද සිල්වාට සාධාරණයක් ලැබුණේ නැහැ – ජනාධිපති නීතීඥ අනිල් සිල්වා

colombotoday

කිරි ගවයින් 4200ක් ආනයනය කිරීමට පෞද්ගලික සමාගම් පහකට අවසර

colombotoday

විදුලි කර්මාන්තය ඩීසල් මාෆියාවේ උගලට හසු වෙලා.. මහජන උපයෝගිතා කොමිසම අනුමත කල ගිවිසුම රටට හෙලි කරන්න.

colombotoday

මුජුබර් රහුමාන් ළඟ තියාගෙන හෙළඋරුමයෙන් ගෝඨාභයට දැඩි ප්‍රහාරයක්

colombotoday