Colombo Today Local News

පෙම්වතාට වයස 40යි, පෙම්වතියට 11යි. රූම් ගිහිං එද්දී පොලීසියට මාට්ටු. | පෙම්වතා බන්ධනාගාරයට, දැරිය පරිවාස භාරයට.

වයස අවුරුදු 40 ක පුද්ගලයකු වයස අවුරදු 11 ක පාසල් දැරියක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගනිමින් ලැගුම්හලක සිට පැමිණෙමින් සිටියදි පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව මැදවච්චිය පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පිට පළාතක සිට මැදවච්චියට පැමිණ JCB යන්ත්‍රයක ක්‍රියාකරු ලෙස කටයුතු කළ 40 හැවිරිදි ලියනගේ ශාන්ත කුමාර නැමැති අයෙකි.

පසුගියදා (02) සවස මැදවච්චිය නගරයේදි යතුරු පැදියකින් මෙම සැකකරු විසින් 11 හැවිරිදි පාසල් දැරිය රැගෙන යමින් සිටියදි මැදවච්චිය පොලිසියට ඇති වු සැකයක් හේතුවෙන් පරික්ෂා කර බැලීමේදී දැරිය සහ මෙම පුද්ගලයා අතර ප්‍රේම සම්බන්ධයක් තිබු බවත්, එදින මෙම දෙදෙනා විසින් මැදවච්චිය ගල්වල පාර පිහිටි ලැගුම්හලකට ගොස් පැමිණෙමින් සිටින බවටත් හෙළි වී ඇත.

ඒ අනුව ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, 11 හැවිරිදි දැරිය මැදවච්චිය පොළිස් කාන්තා කාර්යාංශය වෙත භාර දිමෙන් අනතුරුව අනුරාධපුර පිහිටි පරිවාසයට යොමු කර ඇත.

40 හැවිරිදි ප්‍රේම සම්බන්ධය පැවැත්වු සැකකරු සහ බාල අපරාධය සිදු කිරීමට අනුබල දුන් ලැගුම්හලේ හිමිකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බණ්ධනාගාර ගත කර ඇත.

මැදවච්චිය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අනුර බංඩාර නවරත්න මහතාගේ උපදෙස් පරිදි කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක අජන්තා කිර්තිසිංහ මහත්මිය ඇතුළු කණ්ඩායමක් මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

මැදවච්චය – සජිත් ගයාන් උබේපාල

Related posts

දෙවැනි නිවාඩුවත් ළගයි වගේ පේනවලු.. සටහනක් තබා, ගම්මන්පිල පොලීසි යයි !

colombotoday

කොටි හිතවාදීන්ගෙන් බලපෑම්.. රැජිණි කාන්ත් ලංකා සංචාරය අවලංගු කරයි

colombotoday

දෙනෝදහක් බලා ඉද්දී විදුලි කාර්මිකයාගේ දෑත් කපාගෙන ගිහින්

Admin

මන්ත්‍රී සුජිත් සංජයට විපක්ෂ නායකගෙන් සභාපති ධුරයක්

Admin

ජවිපෙ බේරුවල නගරයේ පන්දම් දල්වා විරෝධතාවයක

colombotoday

දුර්ලභ කාසි අලෙවි කිරීමට උත්සාහ කළ 08ක් පැල්මඩුල්ලේදී අල්ලයි

colombotoday