Colombo Today Local News

ජවිපෙ බේරුවල නගරයේ පන්දම් දල්වා විරෝධතාවයක

ජනතා විමුක්ති පෙරමුණ බේරුවල නගරයේ පන්දම් දල්වා අද (01)දින විරෝධතාවයක නිරත විය.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රමුඛ දහසකට ආසන්න පිරිසක් බේරුවල ධීවර වරාය අසලින් ආරම්භ කළ විරෝධතා පෙළපාලිය බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලින් ගාලු පාරට පිවිස ගාලු පාර එක් මංතීරුවක් අවහිර කරමින් මෙම පිරිස විරෝධතාවයේ නිරත විය.

ඒ වන විට බේරුවල නගරයේ විදුලි විසන්ධි වී තිබූ අතර පන්දම් ආලෝකයෙන් පිරිස විරෝධතාවට එක්වෙමින් ජනතා පීඩාවට පත්කරන ජනාධිපතිවරයා ඇතුළු රජයට වහාම ඉවත් වන්නැයි ප්‍රකාශ කළහ.

Related posts

නාමල්ගේ ලේකම්වරිය කටුණායකදී අත්අඩංගුවට !

colombotoday

මධ්‍යම ආණ්ඩුකාරී මහ පන්සලේදී පරළ වෙයි.. ‘ගයින් ගහල එලවනවා‘ එජාප ඇමතිගේ මූණටම බැණවදී

colombotoday

හිටපු LTTE සාමාජිකයන්ට විදෙස්ගතවීමට අවසර ලැබේ

colombotoday

“අයිතීන් වෙනුවෙන්” අන්තරේ හෙට කොළඹට

colombotoday

තවත් පොලිස් නිලධාරීන් දසදෙනෙකුට කොවිඩ්

colombotoday

කොරෝනා නීති කඩ කළ මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය හූල්ට නඩු

colombotoday