Colombo Today Local News

අග්බෝපුර ඕඅයිසී ට්‍රිපර් රථයක ගැටී මරුට

කන්තලේ අග්බෝපුර පොලිස් ස්ථානාධිපති ගමන් ගත් මෝටර් රථය හබරණ හතරැස්කොටුව ප්‍රදේශයේදී වැලි පැටවූ ට්‍රිපර් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් පොලිස් ස්ථානාධිපතිවරයා මියගොස් ඇතැයි හබරණ පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ අංක 37, කැන්දලියද්ද, ජම්බුගහපිටිය ලිපිනයේ පදිංචි දහම්පත් මුදියන්සේලාගේ ගුණතිලක බණ්ඩා දහම්පත් නමැති 48 වැනි වියෙහි පසුවූ පොලිස් පරීක්ෂකවරයාය.

මෙම ස්ථානාධිපතිවරයා නිවාඩු අවසන් කර නැවත සේවයට යමින් සිටියදී අනතුරට මුහුණ පා ඇත.

අනතුර සමග පොලිස් ස්ථානධිපතිවරයා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇතත් ඒ වන විටත් ඔහු මියගොස් ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් හබරණ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස්පරික්ෂක ඒන්.පී.ඒස් ජයලත් මහතාගේ මෙහෙයවීමෙන් රථවාහන පොලිස් ස්ථානාධිපති ඩී.ජේ මධුෂංක දිසානායක මහතා ඇතුළු නිළධාරීහු වැඩිදුර පරික්ෂන පවත්වති.

Related posts

ශ‍්‍රීලනිප 21ක් ආණ්ඩුවට එනවා, අලුත් ව්‍යවස්ථාව පෙබරවාරි 04ට පෙර ගේනවා, මහින්ද දේශපාලනයෙන් සමුගැනිම කාලෝචිතයි…

colombotoday

රටම හිනැස්සූ සුනිල්ගේ මුවට සිනාවක් දෙන්න ඇමති ගයන්ත යයි

colombotoday

මහින්දගේ නිවේදනයෙන් හොර එළිවෙයි… බැදුම්කර හොරු තිගැස්සෙයි !!

colombotoday

හෙට ග්‍රාම නිලධාරීන් ලෙඩ වෙයි

colombotoday

බූස්ටර් ජංගම එන්නත්කරණ වැඩසටහන අද සිට

colombotoday

වාහන මිළදී ගන්නන්ට සුබ ආරංචියක් ! රවී බිම දැමූ ලීසිං අගය ආයෙත් නග්ගයි

colombotoday