Colombo Today Local News

අලිවත්තේ අසිත පාතාල නායකයගෙ හනිමූන් එකත් පොලිසිය වෙනස් කරලා !

පාතාල නායක අලිවත්තේ අසිතගේ විවාහයට මෙන්ම ඔහුගේ මධු සමයට ද පොලිසිය ආරක්ෂාව සපයා ඇති බව මේවනවිට හෙළිව ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඒ අනුව අසිතගේ මධුසමය වෙනුවෙන් වත්තල පෙගසස් (pegasus) හෝටලයේ වෙන්කර තිබූ කාමරය පොලිස් උපදෙස් මත වෙනස්කර වෙනත් කාමරයක ඔවුන් මධුසමය ගතකර ඇති බවද පැවසේ.

මේ විවාහයට වැල්ලේ සුරංග නම් පාතාල නායකයාගේ කල්ලියෙන් ප්‍රහාරයක් එල්ලවෙතැයි පොලිස් බුද්ධි අංශ විසින් කරන ලද දැනුවත් කිරීම් අනුව පොලිසි 5කින් ආරක්ෂාව ලබාදුන් බව මේවන විට ප්‍රසිද්ධ රහසකි.
කෙසේවුවද, පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ අනු දැනුම ඇතිව කැලණිය කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයාගේ නියෝග මත මේ ආරක්ෂාව සැපයීමේ සිද්ධිය  ක්‍රියාත්මක වී ඇතත් මේවන විට වත්තල හා මෝදර පොලිසිවල ස්ථානාධිපතිවරුන්ගෙන් ප්‍රකාශ සටහන්කරගෙන ඔවුන්ගේ පිට එම වරද පැටවීමේ ක්‍රමන්ත්‍රණයක් පොලිස් දෙපාර්තමේන්තුව තුළ ක්‍රියාත්මක වන බවට ද තොරතුරු හෙළිව තිබේ.

Related posts

මේ දක්වා කොරෝනා ආසාදිත නාවිකයින් ගණන 95 ක්

colombotoday

ප්‍රහාර එල්ල වූ පල්ලිවල CCTV අක්‍රීය වෙලා..! ගැහුවාද ? ගහගත්තාද?

colombotoday

ජනපති හමුවට එජාපෙ නොයයි… මහජන උද්ඝෝෂණයක් කැදවයි…

colombotoday

පාසල් විවෘත කිරීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කෙරේ

colombotoday

රොජර්, විමල් හැර යයි…

colombotoday

ඉන්දියාව කොළඹ වරායේ නැගෙනහිර ජැටිය තමන් වෙත ලබා ගැනීමේ සැලසුමක්

colombotoday