Colombo Today Local News

විධායකය අහෝසි කරන කෙටුම්පත අවසන් අදියරේ

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ 20 වැනි සංශෝධනය කෙටුම්පත් කිරීම අවසන් අදියරේ පවතින බවත් අවසන් කළ වහාම සියලු ආගමික නායකයන්,… දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන සමඟ පුළුල් සාකච්ඡාවක් පවත්වන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසයි.

මන්ත්‍රිවරයා සති අන්ත පුවත්පතකට පවසා ඇත්තේ, 20 වැනි සංශෝධනය පිළිබඳ විවිධ මත මේ මොහොතේ සාකච්ඡාවට බඳුන් වී ඇති අතර එකී මත හා කරුණු ගැන බොහෝ අනවබෝධයන් පවතින බව පෙනෙන්නට තිබෙන බවයි.

කෙසේ වුවත් මෙය රටේ මූලික නීතිය වන ව්‍යවස්ථාවට ගෙන එන සංශෝධනයක් නිසා ඒ ගැන සාධනීය මෙන්ම නිශේධනීය අදහස් ඉදිරිපත් කිරීමට මෙරට පුරවැසියන්ට අයිතියක් තිබෙන බවද ජවිපෙ නායකයා පෙන්වා දෙයි.

ඔහු වැඩිදුරටත් පැවැසුවේ එකී ව්‍යවස්ථා සංශෝධනය ගැන දක්වන අදහස් හා මත කෙරේ අවධානය යොමු කිරීමටද සූදානම් බවය.

Related posts

රටට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන මණ්ඩලේ නිලධාරීන් මෙන්න

colombotoday

භූගත බංකර ඉදිකිරීමේ සැළසුමක්…. ඉස්ලාම් ත්‍රස්තවාදීන්ගේ තවත් පුහුණු කදවුරක් සොයාගනී…

colombotoday

බවුසරේක තෙල් තියෙන්නේ වාහන 400කට විතරයි

colombotoday

ලාදුරු රෝගීන් හඳුනා ගන්න නිවාස මට්ටමින් පුද්ගලයින් පරීක්ෂා කරයි

Admin

අගමැති රනිල් ඉල්ලා අස්වෙලා ?

colombotoday

වසන්ත මුදලිගේ 18වනදා තංගල්ල උසාවියට ඉදිරිපත් කරන්න නියෝග

Admin