Colombo Today Local News

ලාදුරු රෝගීන් හඳුනා ගන්න නිවාස මට්ටමින් පුද්ගලයින් පරීක්ෂා කරයි

ලාදුරු රෝගීන් හඳුනා ගැනීම සඳහා නිවාස මට්ටමින් පුද්ගලයින් පරීක්ෂා කිරීම ආරම්භ කළ බව, ලාදුරු මර්දන ව්‍යාපාරය පවසයි.

එහි පළමු අදියර කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක බව එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා සඳහන් කරයි.

ඒ අනුව දිනක් තුළ කළ පරීක්ෂා කිරීම්වලදී පමණක් ලාදුරු රෝගීන් දෙදෙනෙකු සොයා ගත් බව ඔහු පවසයි.

පසුගිය වසරේ මෙරටින් හඳුනාගෙන ඇති ලාදුරු රෝගීන් සංඛ්‍යාව 1400 කට අධිකය.

ඉන් 246 දෙනෙකු හඳුනා ගෙන ඇත්තේ, කොළඹ දිස්ත්‍රික්කයෙන් ය.

Related posts

ශ්‍රීලනිපය ඉවත් වීමට තීරණය කරයි… ජාතික ආණ්ඩුව අවසන්… එජාප තනි ආණ්ඩුවක්

colombotoday

ලංකාව ගැන වටිනාම ලියවිලි තොගයක් හොර රහසේම විදේශිකයන්ට දීලා – ජනපතිගෙන් හෙළිදරව්වක්

colombotoday

කාබනික හා ජෛව පොහොර ආනයනය මෙරටට එල්ලවන ජෛව විද්‍යාත්මක ප්‍රහාරයක්. – ජාතික ගොවිජන එකමුතුව

colombotoday

ප්‍රවීණ රංගන ශිල්පී ජයතිලක හේරත් අභාවප්‍රාප්ත වෙයි

Admin

Video – ඥානසාර හාමුදුරුවෝ පංසලේ ලීබඩු හමුදාවට දීලා බිම නිදාගත්ත හැටි

colombotoday

මත් උවදුරෙන් දරුවන් මුදාගැනීමට දරුවන්ට පවුරක් බැදි “පවුර”

Admin