Colombo Today Local News

කෝටි දෙකක කොකේන් සමඟ සංචාරකයෙක් රේගුවට මාට්ටූ

රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 350 ක් සමඟ මැසිඩෝනියානු ජාතිකයෙක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය අද (13)දින අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

බ්‍රසීලයේ සිට පැමිණි මැසිඩෝනියානු ජාතිකයාගේ සැකකටයුතු හැසිරීම හේතුවෙන් නවතා පරික්ෂා කිරීමේදී ඔහුගේ ගමන් බෑගයේ ඉතා සුක්ෂම ලෙස සඟවා තිබූ කොකේන් මත්ද්‍රව්‍ය සොයාගත් බවත් එම කොකේන් පැකට් හතරකට දමා සුප් පැකට් ආකාරයට අසුරා තිබූ බවත් රේගුව සඳහන් කරයි.

වයස අවුරුදු 54 පමණ වන සැකකරු ශ්‍රී ලංකාවට පැමිණි පළමු අවස්ථාව මෙය බව ද රේගුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු හා මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතව ද ඔවුන් සඳහන් කරයි.

Related posts

යුක්රේන සංචාරකයන් රැගත් 11වන ගුවන් යානය මත්තලට.

colombotoday

යෞවන කටයුතු අගමැති රනිල්ට…

colombotoday

දේශීය කර්මාන්තකරුවන්ට කුඩම්මාගේ සැලකිළි.. රිෂාඩ්ගේ අමාත්‍යාංශය ගලවන්නැයි ඉල්ලයි…

colombotoday

පාස්කුව ලෙයින් තෙත් කළ ඉස්ලාම් ත්‍රස්තයන් අටදෙනා මෙන්න…

colombotoday

අර්ජුන රණතුංග අධිකරණයට එයි

Admin

විදේශගත ලාංකිකයින්ගේ කටයුතු වෙනුවෙන් විශේෂ කාර්යාලයක්

Admin