Colombo Today Local News

ජනපති හමුවට එජාපෙ නොයයි… මහජන උද්ඝෝෂණයක් කැදවයි…

පවතින තත්ත්වයන් පිළිගෙන අග‍්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතා පත් කරන්නැයි ඉල්ලා සිටීමට අද (15) ජනාධිපතිවරයා හමුවීමට මීට පෙර ගත් තීරණය වෙනස් කිරීමට එක්සත් ජාතික පෙරමුණ තීරණය කර තිබෙනවා.

ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඊයේ (14) නිකුත් කළ ලිපිය සැලකිල්ලට ගෙන එම හමුව අත්හිටවූ බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර රාජිත සේනාරත්න පැවසුවේ.

මේ අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගරුකරන ලෙස බල කරමින් අද මහජන උද්ඝෝෂණයක් සංවිධාන කරන බව එක්සත් ජාතික පක්‍ෂය පවසනවා. එහි මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර අකිල විරාජ් කාරියවසම් මේ බව පෙන්වා දෙනවා.

අද ගනු ලබන කි‍්‍රයාමාර්ග පිළිබදව එක්සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් ඊයේ රාති‍්‍රයේ රැස්වී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා

Related posts

එකවර උණ්ඩ හයක් යෙදිය හැකි මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක් සමග දෙදෙනකු අල්ලයි

colombotoday

කිසිදු අවුරුදු උත්සවයක් බැහැ – පොලිස්පතිගෙන් නියෝග

colombotoday

වාහන මිළ වැඩිවුණු හේතුව ඇමති මහින්ද සමරසිංහ හෙළි කරයි !

colombotoday

සියලු විශ්වවිද්‍යාල කඩිනමින් විවෘත කිරීමට සැලසුම්

colombotoday

පොලිසිය සමාව ඉල්ලයි…

colombotoday

ජනපති නියමයෙන් ෆොන්සේකාගේ අලි ඇල්ලීමේ මෙහෙයුමට නතර කරයි

colombotoday