Colombo Today Local NewsTop Stories

කිලෝමීටර 25ක දිගින් යුත් අක්කරේපත්තු කලපු ප්‍රදේශයේ ඉඩම් මුස්ලිම් පිරිසක් ආක්‍රමණය කරයි

අක්කරේපත්තු, පොතුවිල් මාර්ගයේ පරිසර අධිකාරියට අයත්, කිලෝමීටර 25ක දිගින් යුත් ලංකාවේ දෙවැනි විශාලතම කලපුව වන අක්කරේපත්තු කලපුව ආශ්‍රිත ප්‍රදේශයේ ඉඩම් මුස්ලිම් ජාතිකයන් පිරිසක් මේ මොහොතේදී, බලහත්කාරයෙන් අල්ලාගනිමින් සිටින බව වාර්තා වෙනවා.

පසුගිය සතියේදීද එම පිරිස අදාළ ඉඩමට යාබද ඉඩමක් බලෙන් අල්ලාගැනීමට පැමිණ ඇති අතර ප්‍රදේශයේ ද්‍රවිඩ ජනතාවගේ විරෝධය හේතුවෙන් ආපසු හැරී ගොස් තිබෙන බවත් එම ක්‍රියාවට දැඩි ලෙස විරුද්ධ වූ පුද්ගලයෙකු, පහරදුන්නායැයි පවසමින් මුස්ලිම් පොලිස් නිලධාරියෙකු විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව ශ්‍රී ලංකා හිංදු සම්මේලනය සඳහන් කර සිටිනවා.

කෙසේ වෙතත් අද උදේ එම පිරිස තවත් කණ්ඩායමක් සමග කඩු සහ පොලු මුගුරු රැගෙන පැමිණ අක්කරේපත්තු කලපු ප්‍රදේශය අක්‍රමණය කරමින්, බලහත්කාරයෙන් පදිංචි වෙමින් සිටින බවයි වාර්තා වන්නේ. අක්කරේපත්තු පොලිස් ස්ථානාධිපති අද උදයේ එම ස්ථානයට පැමිණි බවත් කඩු පොලු මුගුරු රැගත් පිරිස විශාල බැවින් ආපසු හැරී ගිය බවත් ප්‍රදේශවාසීන් සඳහන් කර සිටිනවා.

Related posts

මූලික අවශ්‍යතා සපුරා ගන්න හැකි වැටුපක් මාධ්‍යවේදීන්ටත් දෙන්න

Admin

දකුණු ආසියාවේ දිගම “වාරි උමග” ශ්‍රී ලංකාවේ ඉදිකිරීම ඇරඹේ

colombotoday

රට පටවපු පොල්

Admin

ජනපති ජාත්‍යන්තරයට දුන් පොරොන්දු ගැන සුමන්තිරන් සිහි කැදවයි…

colombotoday

මාස 6න් හොරා කෑ ධනය ගේනවා

Admin

මුස්ලිම් ආගමික අමාත්‍යංශයේ අනුමැතියෙන් නේවාසික වීසා ලැබූ මුස්ලිම් ජාතිකයන් 200 ක් රට තුළ !

colombotoday