Colombo Today Local News

දිවුරුම් දී පැයකින් පොහොට්ටුවේ චානක කැලේ එපා කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක තමන්ට ඊයේ (8)දින ලැබුණු වනජීවි හා වන සම්පත් සංරක්ෂණ රාජ්‍ය ඇමැති ධුරය ප්‍රතික්ෂේප කර ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇමැති ධුරයේ දිවුරුම් දී පැයක වැනි කාලයකදී මන්ත්‍රීවරයා මේ බව ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

ඒ අනුව ඩී. වී. චානක මන්ත්‍රීවරයාට විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ධුරය ලබාදීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ. විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමැති ධුරයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධද ජනාධිපතිවරයා ඉදිරිපිට (8දා) පෙරවරුවේ දිවුරුම් දුන්නේය.

විදුලිබල හා බලශක්ති ඇමැතිවරයා ලෙස කටයුතු කරන්නේ කාංචන විජේසේකර මහතාය.

Related posts

මධ්‍යම ආණ්ඩුකාර මෛත්‍රී ආගමික නායකයන් හමු වෙයි

colombotoday

කොළඹ වරායට ගුවන්තොටුපළක්..! චම්පික යෝජනා කරයි..

colombotoday

මුස්ලිම් සිවිල් සංවිධාන එකමුතුවෙන් මහින්දට සංදේශයක්

colombotoday

ඇඳිරි නීති කාලය තුල පොලිස් මාර්ග බාධක 900ක්

colombotoday

දේපල හබයක් දුරදිග යයි. | පියා මරුට. දියණියගේ පැමිණිල්ලට පුතා අත්අඩංගුවට

colombotoday

ප‍්‍රභාකරන්ගේ නිවසට ගොස් හඬාවැටුණු ඉන්දීය නළු සතීස් කුමාර් ගැන පරීක්‍ෂණ

colombotoday