Colombo Today Local News

ප‍්‍රභාකරන්ගේ නිවසට ගොස් හඬාවැටුණු ඉන්දීය නළු සතීස් කුමාර් ගැන පරීක්‍ෂණ

දකුණු ඉන්දීය විකට නළුවකු වන සතීස් කුමාර් යාපනයේ, වැල්වෙටිතුරෙයි පිහිටි ප‍්‍රභාකරන්ගේ නිවස වෙත පැමිණ නිවසට වැඳ හඬා වැටීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යාපනයේ ආරක්ෂක අංශ පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

එම්. සතීස් කුමාර් යාපනයට පැමිණ පෙරේදා (23) ප‍්‍රභාකරන්ගේ නිවස ඉදිරිපිටට ගොස් මෙසේ හඬා වැළපී තිබේ.

යාපනයේ ආරක්ෂක අංශ පැවසුවේ ප‍්‍රභාකරන්ගේ නිවසට යෑම සඳහා කිසිදු තහනමක් නැතත්, ඔහු මේ ස්ථානයට පැමිණියේ කවර අරමුණක් සඳහා ද, ඔහුව යාපනයට කැඳවන ලද්දේ කවුරුන් විසින්ද යන්න පිළිබඳව පරීක්ෂණ පවත්වන බවයි.

මේ නළුවා පමණක් ඒ ස්ථානයට ගොස් වඳිමින් හඬමින් සිටි අවස්ථාවේදී එම මාර්ගයේ ගමන් කළ පිරිස ඔහුව පිස්සෙක් ලෙස හඳුන්වා ඇති අතර ස්වල්ප වේලාවකට පසුව මේ ඉන්දීය විකට නළු සතීස් කුමාර් බව දන්නා අයෙකු එම ස්ථානයට පැමිණ ඔහුව හඳුනා ගෙන කතාබහ කොට තිබේ.

Related posts

මිල සූත්‍රයෙන් දේශීය කිරිපිටි මිලත් ඉහළට…

colombotoday

ආහාර මිලත් පහළට

Admin

බෙහෙත් ඉල්ලා අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු පාරට බසිති

Admin

එන්නතට ජුම්මා පල්ලියෙන් ටෝකන් දෙන්න ආ පුත්තලම මන්ත්‍රි අලි සබ්රි රහීම් පොලිසියෙන් පන්නා දමයි

colombotoday

දේශපාලන හිතවත් කමට ඇතැම් අය බේරා ගන්න එපා.. ප්‍රහාරයේ මහ මොල කරුවන් හෙළි වෙනවට තමයි බය වෙලා තියෙන්නෙ.

colombotoday

ගාල්ල බන්ධනාගාරයේ නියාමකට පහරදුන් තිදෙනෙක් අත්අඩංගුවට

Admin