Colombo Today Local News

ගාල්ල බන්ධනාගාරයේ නියාමකට පහරදුන් තිදෙනෙක් අත්අඩංගුවට

ගාල්ල බන්ධනාගාරයේ නියාමකවරයෙකුට පහර දී බිය ගැන්වූ බව කියන සිද්ධියට අදාළව සැකකරුවන් තිදෙනෙකු මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සිද්ධිය වාර්තා වූයේ පසුගිය 05වන දිනයි.

සේවය නිමකර නිවස වෙත යමින් සිටියදී එම නිලධාරියාට පිරිසක් පැමිණ වැලිගම ප්‍රදේශයේ දී පහර දී තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය දිගින් දිගටම විමර්ශන සිදු කළ අතර ඒ අනුව මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් අදාළ පහර දීම සිදු කිරීම සඳහා පැමිණි බව කියන යතුරු පැදියක් සහ ත්‍රිරෝද රථයක් ද මෙහිදී පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරුවන් වයස අවුරුදු 19, 23 සහ 30 යන වයස්වල පසුවන වැලිගම සහ දික්කුඹුර යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් වැඩි දුර විමර්ශන සිදු කරනු ලබයි.

Related posts

රුපියල කඩා වැටී නෑ… ඕන නම් රුපියලේ අගය 115ට ගෙනආ හැකියි – රාජ්‍ය ඇමති සුජීව

colombotoday

ඩයනාගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව අත්හිටුවයි

Admin

මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදලට සිදුවූ මිලියන 673ක පාඩුවක් කෝප් කමිටුවේදී හෙළි වෙයි.

colombotoday

සා.පෙළ විභාගය අද ඇරඹෙයි

colombotoday

ලංගම බසයටත් දුම් සහතිකය ගෙන ආදායම් බලපත්‍රය ලබා ගැනීම අනිවාර්යයි

Admin

යතුරුපැදියක් දොඹකරයක ගැටී පුද්ගලයෙක් මරුට

Admin