Colombo Today Local News

දේශපාලන හිතවත් කමට ඇතැම් අය බේරා ගන්න එපා.. ප්‍රහාරයේ මහ මොල කරුවන් හෙළි වෙනවට තමයි බය වෙලා තියෙන්නෙ.

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් දේශපාලනය නොකර වැරදිකරුවන්ට දඩුවම් ලබා දීමට වහාම පියවර ගන්නැයි ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා කොළඹදී පැවසීය. තම දේශපාලන හිතවතුන් ආරක්ෂා කිරීම වැඩපිළිවෙළින් බැහැරව පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පීඩා විඳි ජනතාවට සාධාරණය ඉෂ්ට කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලයේ අද(25)දින පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා මෙසේ ද කීය.

“පාස්කු ප්‍රහාරය පිළිබදව ජනාධිපති කොමිසම් වාර්තාව එලිදැක්වුවා. මේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ රජයේ ඉතාම අකැමැත්තෙන් බව ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් හැසිරීමෙන් අපි දැක්කා. එම වාර්තාව අධීක්ෂණයට ඇමතිවරු 6 දෙනෙක් පත් කරලා.

මේ වාර්තාවේ පිටු ගලවලා ඒවා කුණු බක්කියට දාන්න සැලැස්මක් තිබුණා. කාදිනල් හිමිපාණන් ඇතුළු ආගමික නායකයින්ගේ බලපෑම නිසා එසේ කරන්න බැරි වුණා.

දැන් එම වාර්තාව ජනතාවට දැකගන්න ලැබිලා තියෙනවා. මෙම වාර්තාවේ ඇගිල්ල දික් වුනු පුද්ගලයෝ අද නිහඩ වෙලා තියෙනවා. ඒ වගේම යම් බලවේග කාදිනල් හිමිපාණන්ට ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.

කාදිනල්හිමිපාණන් පැවසූ පරිදි ජාත්‍යන්තර විමර්ශනයක් සිදු කළොත් මේ පාස්කු ප්‍රහාරයේ මහ මොල කරුවන් හෙළි වෙනවට තමයි මේ බලවේග අද බය වෙලා තියෙන්නෙ.මෙම ප්‍රහාරයේ මහ මොලකරු කවුද, මේ තුලින් දේශපාලන වාසි ගත්තේ කවුද යන තොරතුරු විමර්ශන වී නැත්තේ ඇයි කියලා අපි අහනවා.මේ ප්‍රහාරයේ සියලු වැරදි සහරාන් පිට දාන්න හදනවා. එහම නැතුව මේ ගැන නිසි විමර්ශනයක් කළ යුතුයි.

මෙයට විදේශ දේශපාලන නායකයින් ගේ සම්බන්ධතා මොනවාද ඒ අයට මුදල් ලැබුණු ආකාරය වහාහ හෙලි කළ යුතුයි.මේ වාර්තාවේ තිබෙන කරුණු යටගහන්න හදන්න එපා. සාමාන්‍ය පෙළ නැති නීතියක් දන්නේ නැති ඇමතිවරු මෙයට පත් කරලා වැඩක් නැහැ. කාදිනල් හිමිපාණන් පවා එම කමිටුව ප්‍රතික්ෂේප කරා.

මෙහි යම් කරුණු යට ගැහීමක් තිබෙනවා. දේශපාලන හිතවත් කමට ඇතැම් අය බේරා ගන්න එපා කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා. මේ පිළිබඳ සාධාරණයක් ඉටුවනකන් ප්‍රහාරයෙන් මිය ගිය පවුල් වල අය බලා සිටිනවා.කවුරු මෙය යටගහන්න හැදුවත් සත්‍ය ජනතාවට හෙලි වෙනවා. එය රටෙ නීතිය තුලින් ඉටු නොවුනොත් ජාත්‍යන්තරයට ගෙන යනවා.මේ තුලින් දේශපාලන වාසි ගන්න එපා කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා. පාර්ලිමේන්තුවේ දින තුනක් මේ වාර්තාව පිළිබඳ විවාද කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රහාරය වලක්වා නොගෙනීමට දඩුවම් දීම පමනක් නොවෙයි බලාපොරොත්තු වෙන්නේ. සහරාන්ගේ ලොක්කා කවුද ඔහු පෝෂණය කරේ කවුද දැනගැනීමත් කළ යුතුයි.

Related posts

ශ්‍රී ලංකාව සහ CEPA – ඉන්දියානුවෙකුගේ ඇසින්

colombotoday

රවූෆ් හකීම්, මනෝ ගනේෂන්, රිෂාද් බදුර්දීන් උප ජනාධිපති තනතුරු ඉල්ලයි !

colombotoday

ප්‍රවීණ රංගන ශිල්පී ආනන්ද එස් විජේසිරි අභාවප්‍රාප්ත වෙයි

colombotoday

“අන්තවාදී ඉල්ලීම්වලට ඉඩ නෑ.. උතුරේ හමුදා කඳවුරු ඉවත් කරන්නෙත් නෑ“ – ආරක්ෂක ඇමති

colombotoday

Gmail සේවාව බිඳ වැටෙයි

colombotoday

නෞකාවන්හි සේවය කළ ලාංකිකයන් පිරිසක් රැගෙන එයි

colombotoday