Colombo Today Local News

වී මිලදී ගන්න ප්‍රමාණවත් මුදල් ලැබී නැහැ.

වී මිලදී ගැනීම සඳහා රාජ්‍ය බැංකු වලින් ප්‍රමාණවත් පරිදි මුදල් ලැබී නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අද (07)දින පැවසීය.

මුදල් ලැබෙන පරිදි වී මිලදී ගැනීම් කරන බවද ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසූවේ සමගි ජන බලවේගය පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

වී මිලදී ගැනීම සඳහා බිලියන දෙකක මුදලක් ලබා දෙන ලෙස රාජ්‍ය බැංකු දෙකෙන් ඉල්ලා ඇති බවත් මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා සමඟද සාකච්ඡා කළ බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

සහල් ආනයනය නතර කරන ලෙසට ලිඛිත දැනුම් දීමක්ද මේ වනවිට සිදුකර ඇති බව පැවසු අමරවීර මහතා ගොවීන්ට අවශ්‍ය බිම් සැකසීම ආදිය වෙනුවෙන් අවශ්‍ය ඉන්ධන ආදිය ලබාදීමට පියවර ගන්නා බවද පැවසීය.

Related posts

ඩීසල් හිඟය දින 2 කින් පහව යනු ඇතැයි, බලශක්ති අමාත්‍යාංශයෙන් සහතිකයක්

colombotoday

පාසලක තාප්පයක් සිසුවෙක් උඩට කඩා වැටෙයි

Admin

පොල්ගස්ඕවිට ඇලක නාඳුනන පිරිමි මළ සිරුරක්

colombotoday

පා. මන්ත්‍රීවරයෙකුගේ ආරක්ෂකයෙක් සියදිවි නසාගෙන

colombotoday

පෙට්‍රල් – ඩීසල් ප්‍රමිතිය ගැන දැනුම්දීමක්

Admin

“මහින්ද සරණං ගච්ඡාමි කියන හාමුදුරුවරු අපට ගල් ගහනවා” බෙංගමුවේ හිමිගේ ප්‍රහාරයෙන් හෙළ උරුමයට රිදෙයි

colombotoday