Colombo Today Local News

“මහින්ද සරණං ගච්ඡාමි කියන හාමුදුරුවරු අපට ගල් ගහනවා” බෙංගමුවේ හිමිගේ ප්‍රහාරයෙන් හෙළ උරුමයට රිදෙයි

jhu

බෙංගමුවේ නාලක හිමියන් රට නොමග යැවීමට උත්සාහ දරන බව ජාතකික හෙළ උරුමය පවසයි.

මේ බව සඳහන් කරමින් එම පක්‍ෂ මධ්‍යම කාරක සභික පස්සරමුල්ලේ දයාවංස හිමියන් විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.

බෙංගමුවේ නාලක හිමියන් රට නොමග යැවීමට උත්සාහ දරනවා.

භික්ෂූන්වහන්සේලා දේශපාලනයට ගෙන ඒමෙන් භික්ෂු ගෞරවය නැති කිරීමට චම්පික රණවක ඇතුළු නායකයන් කටයුතු කළ බවට මාධ්‍ය වෙත අදහස් දක්වමින් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් ප්‍රකාශ කර ඇත. තවද ඕමල්පේ සෝභිත හිමියන් ශාසනයට පිලිළයක් බවද නාලක හිමියන් වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත.

බෙගංමුවේ නාලක හිමියන් මෙවැනි ප්‍රකාශ සිදුකරන්නේ පියවි සිහියෙන් නොවන බව අපගේ අදහසයි. බුද්ධං සරණං ගච්ඡාමි වෙනුවට මහින්ද සරණං ගච්ඡාමි කියන බෙංගමුවේ නාලක හිමියන් වීදුරු ගෙවල් වල සිට ගල් ගැසීම මහත් හාස්‍යයට කරුණකි. භික්ෂුන්වහන්සේලා මැතිවරණය දේශපාලනයට පැමිණිම චම්පික රණකගේවත් ජාතික හෙළ උරුමයේවත් වැඩ පිළිවෙලක් නොව එවකට රටේ තිබුණු තත්ත්වය අනුව රටම පිළිගත් ජනප්‍රිය භික්ෂුන් වහන්සේලා එකතුවකින් ගත් තීන්දුකි. එයට අවශ්‍ය සහය ලබා දීම හා පක්ෂය පුජා කිරිම අප විසින් සිදු කරන ලදි . ඒයින් රටේ දේශපාලන දිශානතිය වෙනස් කිරිමට වැඩදායි කාර්යභාර්යක් සිදුවේ ද නැද්ද යන්න මේ රටේ සබුද්ධික ජනතාව හොඳින් දන්නා කරුණකි.

පසුකාලීනව ඒ ගමනට එක් වූ ඇතැම් භික්ෂූන්වහන්සේලා රාජපක්ෂ පාලනයේ වරදාන වරප්‍රසාද වලට යට වී තම ජාතික අරමුණු පාවා දෙමින් දේශපාලන අතකොළු බවට පත්වී රාජපක්ෂ පාලනයේ හොරණෑ බවට පත්විය. බෙංගමුවේ නාලක හිමියන් ද පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය හෙබවූයේ නැතත් රාජපක්ෂ පාලනයේ තනතුරු වරදාන වරප්‍රසාද ලබාගත් හිමිනමක් බව කාටත් නොරහසකි. ජාතික ශාසනික අරමුණු වෙනුවෙන් භික්ෂුන්වහන්සේලා දේශපාලනයට පැමිණීම කිසිදු වරදක් නැතත් එයට මුවා වී නීති විරෝධී, සදාචාර විරෝධී ක්‍රියාවල නිරතවීමට භික්ෂුන් වහන්සේලාට අයිතියක් නැත. භික්ෂු ගෞරවය නැති වන්නේ නීති විරෝධී, සදාචාර විරෝධී, විනය විරෝධී භික්ෂුත්වයට නොගැලපෙන දෑ තුලින් පමණි. ජාතික හෙළ උරුමය හරහා භික්ෂුන්වහන්සේලාගේ ආගමනයෙන් රටට අවැඩක් වූයේ නැත. සිදුවූයේ යහපතක්මය. ත්‍රස්තවාදය පරාජය කිරීම, රටේ ඒකීයභාවය රැක ගැනීම, රටේ ප්‍රධාන පක්ෂ දෙකම රටේ ඒකීයභාවය පිලිගන්නා තැනට ගෙන ඒම මත්උවදුර පිටු දැකීම, වස විසෙන් තොර ගොවිතැන, ආහාර සුරක්ෂිතභාවය හා පරිසර සංරක්ෂණය වැනි ජාතික තලයේ වැඩසටහන් බවට පත් කිරීමට හැකි විය.

එවැනි විජයග්‍රහන රැසකට භික්ෂුන්වහන්සේලාගේ ආගමනය හේතු විය. එයට අකුල් හෙලු බෙංගමුවේ නාලක හිමියන් තනතුරු වරප්‍රසාද ලබාගෙන දේශපාලඥයන් වෙනුවෙන් කඩේ ගිය ආකාරය අමුතුවෙන් කිව යුතු නැත. ඕමල්පේ සෝභිත හිමියන්ගේ ප්‍රකාශනයේ කොටසක් අල්ලාගෙන ඉතා ද්වේෂසහගත ලෙස අවස්ථාවාදී ලෙස බෙංගමුවේ නාලක හිමියන් රට නොමග යැවීමට උත්සාහ කර ඇත. මෙලෙස කරුණු විකෘති කර දක්වමින් සමාජය නොමග යැවීමට බෙංගමුවේ නාලක හිමියන් දරණ උත්සාහය පිළිබඳව අපගේ බලවත් සංවේගය පළකර සිටින අතර උන්වහන්සේ පත්ව ඇති දේශපාලන ව්‍යාකූලත්වයෙන් මිදී පියවි සිහිය එළවා ගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනා කර සිටිමු.

තෙරුවන් සරණයි!

පස්සරමුල්ලේ දයාවංස හිමි
මධ්‍යම කාරක සභික
සභාපති – ආගමික හා සංස්කෘතික අනුමණ්ඩලය

Related posts

දුමින්ද නාගමුව නිරෝධායන මධ්‍යස්ථානයෙන් මුදා හරී..

colombotoday

මුස්ලිම් කඩවලට ප්‍රහාර : සංවිධානාත්මක වැඩක් නොවන බව තහවුරු වෙයි..!

colombotoday

කටුනායක, ගුවන්තොටුපළේ වැසිකිළියක් අසල මිලියන 13ක රත්‍රං තොගයක්

colombotoday

කුණාටු තත්ත්වය හේතුවෙන් ගාලු වරායේ නැවක් ගසාගෙන යයි

colombotoday

ආයෝජන තොරතුරු ඩිජිටල් කරන්න ජනපතිගෙන් උපදෙස්…

Admin

ජනපති අද ජාතිය අමතයි !

colombotoday