Colombo Today Local News

ඉන්දියාව – චීනය, ලංකාව මැදි කරගෙන යළි ගැටුමක

චීන සමාගමක් විසින් ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ මුහුදු කූඩැල්ලන් ගොවිපළක් ආරම්භ කිරීම හරහා එම පළාතේ ධීවරයන්ගේ ජීවනෝපායට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.

“යුද්ධයෙන් පීඩාවට පත් වූ අපගේ කලාපයේ ආයෝජන අවශ්‍ය බව අපි හඳුනා ගනිමු, නමුත් ප්‍රධාන වශයෙන් අපනයනය සඳහා මුහුදු කූඩැල්ලන් ගොවිපළක් මෙහි ආරම්භ කිරීම, ජීවත් වන අපට වාසියට වඩා හානියක් ගෙන දෙන බව” යාපනය ධීවර සම්මේලනයේ සභාපති අන්නලිංගම් අන්නාරාසා ප්‍රකාශ කළ බවයි “ද හින්දු ” පුවත්පත වාර්තා කරයි.

එසේම වාණිජ ව්‍යාපාර, දේශීය සාගර පරිසරට අහිතකර ලෙස බලපෑ හැකි බව ධීවර ප්‍රජාව ප්‍රකාශ කරන බවද එම වාර්තාවේ දැක්වේ.

වසර ගණනාවක් පුරා ඉන්දීය ධීවරයින් මෙරට මුහුදු සීමාවට පැමිණීම සහ භූමිතෙල් ඉහළ යාම වැනි හේතු නිසා අඩාල වී ඇති තම ධීවර කර්මාන්තය මෙවැනි මහා පරිමාණ වාණිජ ව්‍යාපාර හේතුවෙන් තවදුරටත් අඩාල වන බවයි යාපනය ධීවර සම්මේලනයේ සභාපති අන්නලිංගම් අන්නාරාසා ප්‍රකාශ කර ඇත.

“මුහුදු කූඩැල්ලන් වගා කිරීමට අපට උතුරේ ආයෝජන සහ තාක්ෂණය යන දෙකම අවශ්‍යයි. මම අවුරුදු පහක් හයක් තිස්සේ ඉන්දියාවෙන් සහය ඉල්ලුවත් කිසිම ප්‍රතිචාරයක් නැහැ. අපි වෙනත් විකල්ප ගවේෂණය කළ යුතුයි, අපි කතා කරන්නේ චීන සමාගමකට පමණයි, තවම කිසිම ව්‍යාපෘතියක් අවසන් කර නැහැ,” යනුවෙන් ඩග්ලස් දේවානන්දා මහතා හින්දු පුවත්පතට ප්‍රකාශ කළ බවයි එම පුවත්පත වැඩි දුරටත් පවසන්නේ.

මුහුදු කූඩැල්ලන් ගොවිපළ පවත්වාගෙන යාමට යෝජිත පුංගුඩුතිව් පිහිටා ඇත්තේ නයිනතිව් දූපත ආසන්නයේ වන අතර එම දූපත සහ තවත් දූපත් කිහිපයක් මීට පෙර චීනයට ලබා දුන් අතර පසුව එය අවලංගු කෙරුණා.

ඉන්දියාව එයට විරෝධය දැක්වීමත් සමඟ, ශ්‍රී ලංකාව එම ව්‍යාපාරය අවලංගු කර ඒ වෙනුවට එම ස්ථාන තුනෙහි ඉන්දියානු ව්‍යාපෘතියක් පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා රජය අවසර ලබා දුන් බවයි ද හින්දු පුවත්පත පවසයි.

ඒ අනුව අදානී ව්‍යාපාරයට සුළං සහ හිරු එළිය හරහා විදුලිය උත්පාදනය කිරීමට ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා එම දූපත් 03 ඉන්දියාවට ලබා දී ඇති බව සඳහන්.

කෙසේ වෙතත් මුහුදු කූඩැල්ලන් ව්‍යාපෘති මගින් දේශීය වශයෙන් රැකියා උත්පාදනය කෙරෙනු ඇති බවත්, එම ව්‍යාපෘතිය දේශීය ධීවරයින්ට බලපෑමක් සිදු නොවන බවට සහතික වන බවත් ඩග්ලස් දේවානන්දා අමාත්‍යවරයා ද හින්දු පුවත්පතට වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ‘හින්දු පුවත්පත’ චීන තානාපති කාර්යාලයෙන් ද විමසීමක් කර තිබේ.

එහිදී චීන තානාපති කාර්යාලය හින්දු පුවත්පතට පවසා ඇත්තේ යාපනය අර්ධද්වීපයට ඔබ්බෙන් පිහිටි කුඩා දිවයිනේ මුහුදු කූඩැල්ලන් ගොවිපළක ආයෝජනය කරන චීන සමාගමක් පිළිබඳව තවමත් තොරතුරු නොමැති බවයි.

“එය වාණිජ පදනමක් මත සාකච්ඡා කරන පුද්ගලික සමාගමක් විය හැකිය” යනුවෙන් චීන තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙක් හින්දු පුවත්පතට පවසා තිබේ.

කෙසේ වෙතත්, යාපනයේ අරියාලෙයි වෙරළබඩ ගම්මානයේ චීන සමාගමක් සහ ශ්‍රී ලංකාව අතර පවතින හවුල් ව්‍යාපාරයක් පෙන්වා දෙමින් චීන තානාපති කාර්යාලයේ එම ප්‍රකාශකයා හින්දු පුවත්පතට වැඩි දුරටත් පවසා ඇත්තේ “අදාල ව්‍යාපෘතිය හරහා අවට ගම්මාන සඳහා රැකියා දහසක් පමණ නිර්මාණය කර ඇති බවයි.

“බොහෝ ආයෝජකයින් දේශීය අය වන නමුත් බොහෝ දෙනෙක් ධීවර ප්‍රජාවට අයත් අය නොවේ. ඔවුන් දේශපාලනිකව හොඳින් සම්බන්ධ වූ බලගතු පිරිසක්, සැබෑ ප්‍රශ්නය වන්නේ අපගේ ධීවර අමාත්‍යාංශය දැන් අවධානය යොමු කර ඇත්තේ ලාභය සඳහා මිස ජලජීවී වගාව කෙරෙහි හෝ ධීවර කර්මාන්තය කෙරෙහි නොවේ. අපි වගේ ධීවරයන්, අපේ අත්දැකීම් හෝ දැනුම ඔවුන්ගේ සැලසුම්වලට ඇතුළත් වෙන්නේ නැහැ.” යනුවෙන් යාපනය ධීවර සම්මේලනයේ සභාපති අන්නලිංගම් අන්නාරාසා වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.

Related posts

අගෝස්තු 01 වනදා සිට සංචාරකයින් සදහා ගුවන්තොටුපළ යළි විවෘතයි

colombotoday

කොරෝනා සුව වී ගෙදර ආ අක්කා දින තුනක් අගුවේ

colombotoday

ප්‍රදේශ කිහිපයකට වැසි.

colombotoday

20 එපා. අතේ, මුවේ සටහන් කරගෙන ඊට පක්ෂව ඡන්දය දුන් මුස්ලිම් කොන්ග්‍රසයේ මන්ත්‍රී

colombotoday

අධිකරණයට අපහස කලැයි සනත් නිශාන්තට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක්

colombotoday

මිලියන 30ක හොර රූපලාවන්‍ය ආලේපන තොගයක් පාරිභෝගික අධිකාරිය භාරයට

Admin