Colombo Today Local News

මිලියන 30ක හොර රූපලාවන්‍ය ආලේපන තොගයක් පාරිභෝගික අධිකාරිය භාරයට

ආනයනකරුවකු හෝ නිෂ්පාදකයෙකුගේ නම සඳහන් නොවන රූපලාවන්‍ය ආලේපන ඇතුළු නිෂ්පාදන විශාල ප්‍රමාණයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය භාරයට ගෙන තිබේ.

ඒ, පිටකොටුව කදිරේෂන් විදියේ ගබඩාවක තිබියදීයි.

එහි වටිනාකම රුපියල් මිලියන 30ක් පමණ වන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.

දේශීයව නිෂ්පාදනය කළ එම රූපලාවන්‍ය ආලේපන විදේශීය නිෂ්පාදන ලෙස පවසමින් පාරිභෝගිකයින් නොමග යවමින් වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා සූදානම් කර ඇති බව එම අධිකාරිය පවසයි.

රසායනාගාර වාර්තා සඳහා මෙම ආලේපනවල සාම්පල යොමු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

නව ජනපති දිවුරුම් දීම අද

colombotoday

හදිසි නීතිය අවලංගු කරමින් ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

colombotoday

ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් විදුලිය සම්ප්‍රේෂණ සැලැස්මක් ගැන ඉන්දීය මාධ්‍ය හෙළි කරයි

Admin

ඇමැතිවරුන්ට ගුවන් යානාදීම නවතයි

colombotoday

විමල් වීරවංශගේ බිරිඳ වසර 02ක් සිරගෙට

colombotoday

විභාග දෙපාර්තමේන්තුවේ එක් දින හා සාමාන්‍ය සේවා කවුළු නැවත දැනුම් දෙන තුරු වසා දැමේ

colombotoday