Colombo Today Local News

විනාඩි 10ට දුම්රිය ආසන ලක්‍ෂයක් බුක් වෙයි

දුම්රිය ආසන ලක්‍ෂයකට ආසන්න සංඛ්‍යාවක් විනාඩි 10 ක පමණ කාලයකදී අන්තර්ජාලයෙන් වෙන්කිරීමට ජනතාව උත්සහ කිරීම නිසා කලින් ආසන වෙන්කිරීමේ ක්‍රියාවලිය යළි සකස් කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු පවසයි.

දෛනිකව පෙරවරු 10.00 ට අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ආසන වෙන්කරගැනීමට විවෘත කළ පසු පෙරවරු 10.10 පමණ වන විට ආසන වෙන්කිරීම අවසන් වන බවත් ඒ අනුව ආසන වෙන්කරගැනීමට ලබාදී තිබූ දින 14 ක කාලය දින 30 ක් දක්වා ඉහළ දැමූ බවත් එම නිලධාරියා කියයි.

කලින් වෙන්කරගත යුතු දුම්රිය ආසනවලින් සියයට 60 ක් අන්තර්ජාලයෙන් ද, සියයට 40 ක් දුම්රිය ස්ථානයෙන් ද, ලෙස මේ වන විට පවතින බවත් ඉන්ධන හිඟය සහ සෙසු ප්‍රවාහන මාධ්‍යවලට අධික වියදමක් දැරීමට සිදුවීමත් නිසා දුම්රියට මෙසේ දැඩි ඉල්ලුමක් ඇති වී තිබෙන බවත් එම නිලධාරියා වැඩි දුරටත් පවසයි.

Related posts

හිරුනිකා පේමචන්ද්‍ර මැතිණියගෙන් ගිනස් වාර්තාවක් – ගම්මන්පිල

colombotoday

සතොස අලාභය පහළ යයි

colombotoday

අගමැති අද ජාතිය අමතයි.. විශේෂ ප්‍රකාශයකට ලෑස්තියි

colombotoday

ඇමති විජේදාසට එරෙහිව එජාපයෙන් කැරැල්ලක්.. ඇමතිකමෙන් ඉවත් කරන්නැයි ඉල්ලයි !

colombotoday

සියලුම දුම්රිය මාර්ගවල දුම්රිය ප්‍රමාදයක්

Admin

ප්‍රසංගයක් අවසානයේ ගැටුමකින් 4ක් රෝහලේ…

Admin