Colombo Today Local News

හිරුනිකා පේමචන්ද්‍ර මැතිණියගෙන් ගිනස් වාර්තාවක් – ගම්මන්පිල

gammanpila_hirunika

“හිරුනිකා පේමචන්ද්‍ර මැතිණිය අපේ අනාවැකි සබෑ කරමින් කෙටිම කලක් තුල ලොව ඇප ලැබූ තැනැත්තිය බවට ලෝක වාර්තාවක් තබා තිබෙනවා. එතුමිය අන් අයගේ ගිනස් වාර්ථා කඩා දමමින් ඉතාම කෙටිකලක් තුල ඇප ලබාගත් පුද්ගලයා බවට පත්වී තිබෙනවා” යනුවෙන් පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සදහන් කළා. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

මේ දිනවල ජනපියතම මාතෘකාව තමයි හිරුනිකා පේමචන්ද්‍ර මැතිණිය.  ජනවාරි 04 වෙනිදා මම තමුන්නාසේලට අනාවැකියක් කිව්ව.  හිරුණිකා මැතිණිය අත්අඩංගුවට අරන් උසාවියට ඉදිරිපත් කර සැනෙකින් නිදහස් කරනවා කියල. මගේම අනාවැකියක් විදිහට ඕක කිව්ව නම් මේ වන විට ලංකාවෙ නොම්මර එකේ සාත්තර කාරයා වෙන්න මටත් පුළුවන්.  මොකද මහින් මහත්තය පරදිනව කියල මුලින්ම කිව්වෙ මමයි කියන අය අද කෝටිපති පේනකරුවන් බවට පත්වෙලා.  නමුත් මේ අනාවැකියේ ගෞරවය මට තියාගන්නැතිව මම කිව්ව උසස් පොළිස් නිලධාරීන් මට දැනුම් දුන් කරුණු වලට අනුව මෙසේ සිදුවෙනවා කියලයි මම ප්‍රකාශ කලේ.  ජනවාරි 04 දා එය එසේ සිදු නොවුනත් ඇතැම් විට අප එය රටට අණාවරනය කළ නිසා වෙන්නත් පුළුවන් එදා එය සිදු වුනෙ නෑ.  නමුත් අපි කිව්ව ආකාරයෙන්ම වෙනත් දිනකදී එය සිදු වුණා.

ආචාර්ය නාලක ගොඩ හේවා මැතිතුමන් පදනම් විරහිත චෝදනා නගමින් ඇප ලබානොදී රක්ෂිත බන්ධනාගාරය තුළ රදවා තිබෙනව.  නමුත් ඔහුට ඇප ලබානොදීමට කිසිදු හේතුවක් නෑ.  මොකද ඔහු ඇප ලබා පැමිණියා කියා ඔහුට හැකියාවක් නෑ විමර්ෂණ වලට බලපෑමක් කරන්න.  සාක්ෂිකරුවන් බියවැද්දීම සාක්ෂි විනාශ කිරීම වැනි කටයුත්තක නියලෙන්නට ඔහු සමාජයේ බලවත් පුද්ගලයෙක් වෙන්න ඕන.  නාලක ගොඩ හේවා වැනි බුද්ධිමතුන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබියදී සාක්ෂිකරුවන්ට   සාක්ෂිවලට විමර්ෂන නිලධාරීන්ට බලපෑම් කල හැකි සමාජ තත්වයක සිටින හිරුනිකා පේමචන්ද්‍ර මැතිණිය අපේ අනාවැකි සබෑ කරමින් කෙටිම කලක් තුල ලොව ඇප ලැබූ තැනැත්තිය බවට ලෝක වාර්තාවක් තබා තිබෙනවා.  එතුමිය අන් අයගේ ගිනස් වාර්ථා කඩා දමමින් ඉතාම කෙටිකලක් තුල ඇප ලබාගත් පුද්ගලයා බවට පත්වී තිබෙනවා.

ඒ විතරක් නෙමේ සාමාන්‍යෙයන් සිකුරාදා දිනවල පොලීසිටය යන්නත් මිනිස්සු බයයි. මොකද හවස තුන පැන්නොත් නිලධාරීන් ගෙදර ගිහින් ඇප ලියවිලි සකසන්න විදිහක් නෑ ඒ නිසා මහේස්ත්‍රාත් තුමා කියනව සදුද අරන් එන්න කියල. ඒ නිසා ඇප ලැබිය හැකි වරදකට උනත් දින තුනක් පමන අනිවාර්යෙන්ම රක්ෂිත බන්ධනාගාරයේ ඉන්න වෙනවා.  නමුත් හිරුනිකා අත්අඩංගුවට ගැනීම වෙන්නේ සෙනසුරාදා දවසක.  නමුත් ආස්චර්ය කියන්නේ සෙනසුරා දවසේත් රෙජිස්ට්‍රාල් කාර්යාලය වැඩ.  ඇප ලබාදෙන්න කට්ටිය දත කට මැදගෙන පෑන් පැන්සල් උල් කරගෙන බලා සිටියා.  එහෙන් ඇප කියද්දි මෙහෙන් ලියල එළියට දානවා.  මේ වෙනසද ජනතාව ඉල්ලුවේ කියන ප්‍රශ්නය අද පැන නැගිල තියෙනවා.

Related posts

ජපන් යුද නෞකා දෙකක් කොළඹ වරායට සේන්දු වෙයි

colombotoday

සමර්හිල් වතුයායේ දී මිය ගිය කඳුකර කොටියා ගැන වාර්තාව ඇමැතිට

colombotoday

විපක්ෂයේ ඉල්ලීම නොතකා කොළඹ වරාය නගර පනතේ විවාදය එක් දිනකට සීමා කළා – අනුර කුමාර

colombotoday

ප්‍රහාරය එල්ල කළේ ඉස්ලාම් අන්තවාදීන්… නවසීලන්ත ප්‍රහාරයට පළිගැනීමක් – ආරක්ෂක ඇමති

colombotoday

තහනම ඉවත්කළ නිසා සිල්ලර කඩවලත් ග්ලයිපොසෙට් විකිණේ… වකුගඩු රෝගය ඉහළ යෑමේ අවදානමක්…

colombotoday

හිරුනිකාගේ ජීවිතය ගැන වගකීම රජය ගත යුතුයි. | දුමින්ද නිදහස්වීම ගැන ෆොන්සේකාගේ අදහස

colombotoday