Colombo Today Local News

ඇමති විජේදාසට එරෙහිව එජාපයෙන් කැරැල්ලක්.. ඇමතිකමෙන් ඉවත් කරන්නැයි ඉල්ලයි !

අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අමාත්‍ය තනතුරෙන් ඉවත් කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ජනාධිපති මෛත්‍රීපාල මහතාගෙන් ඉල්ලා ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද හමුවී විජයදාස රාජපක්ෂ මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත්කළ යුතු යැයි අවස්ථා දෙකකදීම මෙම නියෝජ්‍ය ඇමතිවරයා දැනුම් දී ඇතැයිද පැවසේ.

මේ පිළිබදව කඩිනමින් පියවරක් නොගතහොත් එජාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා බවද නායක දෙපළ දැනුවක් කර ඇත.

වත්මන් රජය බලයට පත්කිරීම සදහා උදවු උපකාර කළ සිවිල් සංවිධාන සහ පුද්ගලයන්ට දැඩි ලෙස දෝෂාරෝපනය කරමින් විජයදාස රාජපක්ෂ මහතා විවිධ ක්‍රියාමාර්ග සිදුකිරීම මෙයට එක් හේතුවක් බවද සදහන් වේ.

එමෙන්ම පසුගිය රජය සමයේ සිදුවූ දූෂණ, වංචා සම්බන්ධ විමර්ශන වාර්තා නීතිපති දෙපාර්තමේන්තුවට යොමුවී තිබුණද එම වාර්තා සම්බන්ධ අධිකරණ ක්‍රියාවලීන් මන්දගාමී ස්වරූපයෙන් සිදුවීමත් එම විමර්ශන සදහා අමාත්‍යවරයාගේ මැදිහත්වීමක් ඇති බවටත් වන චෝදනා හේතුවෙන් ධුරයෙන් ඉවත්කළ යුතු බවතටත් හෙතෙම පවසා තිබේ.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතර මතය මෙය බවද අදාල නියෝජ්‍ය ඇමතිවරයා ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට පවසා ඇත.

හම්බන්තොට වරාය චීන සමාගට බදු දීමට එරෙහිව විජේදාස රාජපක්ෂ ඇමතිවරයා කැබිනට් මණ්ඩලයේදී මෙන්ම පාර්ලිමේන්තුවේදීද දැඩි විරෝධය පලකර සිටියේය.

Related posts

කොරෝනා ආසාදිතයින් 19ක් හදුනා ගනී

colombotoday

සෞඛ්‍ය ඇමතිනිය සුවය ලබා රෝහලෙන් පිටව යයි

colombotoday

මාලිගාවත්තේ මනුෂ්‍ය ඝාතනයකට සැකපිට 6ක් අත්අඩංගුවේ

Admin

නිවාර් සුළි කුණාටුව චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

colombotoday

යාපනය පළාලි ගුවන් තොටුපළ සංවර්ධනය කෙරේ

colombotoday

මාවනැල්ලලේ කළුගල් කැඩීමට රැගෙන ආ පුපුරන ද්‍රව්‍ය කිලෝ 19ක් අතුරුදන්. | පරීක්ෂණ සී.අයි.ඩී.යට

colombotoday