Colombo Today Local News

මැයි 09වන දා නිවාස හානිවූ මන්ත්‍රින් 74න් වන්දි ඉල්ලා ඇත්තේ 30යි

පසුගිය මැයි 09 වැනිදා ඇති වූ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලදී ගිනි තබා විනාශ කළ නිවාස සඳහා හානි පූර්ණ වන්දි ලබා ගැනීමට අයැදුම්පත් සහ තක්සේරු වාර්තා ඉදිරිපත් කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු තිස් දෙනකු පමණක් බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේ දී අනාවරණය විය.

මැයි නව වැනිදා ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලදී පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 74 දෙනකුගේ නිවාස ගිනි ගැනීම් හෝ පහරදීම් සිදුව තිබේ. එහෙත් මන්ත්‍රිවරු 44 දෙනකු අයැදුම්පත් ඉදිරිපත් කර නැති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති ප්‍රසන්න රණතුංග මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමට දැනුම් දී තිබේ.

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ සංවිධායක කාර්යාලයේදී නීතිඥවරුන් විසින් හානිපූර්ණය පිළිබඳ තක්සේරු වාර්තා සකස් කරති. නිවාස ගිනි ගැනීමට ලක් වූ මන්ත්‍රිවරු සිය තක්සේරු වාර්තා සමග අයැදුම්පත් සිකුරාදා (09 වැනිදා) දිනට පෙර ලබා දිය යුතු බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේ දී තීන්දු කෙරුණි.

සියලු මන්ත්‍රිවරුන්ගේ තක්සේරු වාර්තා ලබා ගැනීමෙන් පසු ඒවා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටා ඇති හානි පූර්ණ කාර්යාලය වෙත යොමු කෙරේ. එම කාර්යාලය සිදු කරන අධ්‍යනයකින් පසු සකස් කරන අවසන් වාර්තාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු හානි පූර්ණ වන්දි ලබා ගැනීමට මන්ත්‍රිවරුන්ට හැකියාව ඇත.

Related posts

LTTEය ප්‍රවර්ධනයට උත්සහ කල තරුණයෙක් අත්අඩංගුවට

colombotoday

රුසියාවේ අසහාය නායකයා පූටින්.. 76%ක ජනතා කැමැත්තෙන් සිවුවැනි වරටත් ජනපති ධුරයට

colombotoday

රටට මිනිස්සු හදන වැඩපිළිවෙලක් අවශ්‍යයි – උපත් අදාර ලබාදෙමින් ඥානසාර හිමි පවසති

colombotoday

ඩොලර් 520000 ක් ගිණුමේ තිබ්බා. ඩයස්පෝරා මුදලට හමුදාව පාවා දෙන්න එපා. | ෆොන්සේකාට ඇමති වීරසේකරගෙන් දරුණු ප්‍රහාරයක්

colombotoday

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා පි‍ල නම් කෙරේ… නායකත්වය දිමුත්ට

colombotoday

සෞඛ්‍ය සේවකයින්ට ඉන්ධන ලබාදීම තාවකාලිකව අත්හිටුවයි

colombotoday